ඉන්දියානු රුපියල්වලට කන්ටේනර් නිදහස් කරන්න බෑ කියයි – ඩොලර්ම ඉල්ලයි

Date:

මේ වනවිට මුහුණ දී සිටින දැඩි මුල්‍ය අර්බුදයෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා පසුගියදා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කළේය. අදාල ණය මුදල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිතා කරන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.

ඒ අනුව මේ වනවිට කොළඹ වරායේ සිරවී තිබෙන ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 1500 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කිරීමට අදාල මුදල් භාවිතා කිරීමට තීරණය කර තිබිණි. කෙසේ නමුත් එය යථාර්ථයක් නොවන බවයි මේ වනවිට වාර්තා වන්නේ.

ඇතැම් ඉන්දීය සැපයුම්කරුවන්, ඉන්දීය රුපියල් මත අදාල බහාලුම් නිදහස් කිරීමට අකමැත්ත පළකර ඇති අතර ඔවුන් පවසන්නේ බහාලුම් නිදහස් කිරීමට නම් ඇමරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදුකළ යුතු බවයි.

මේ අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්දීය ණය පහසුකම මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා තවත් පියවර කිහිපයක් සම්පූර්ණ වියයුතු බවයි. ඒ දක්වා ආනයන කටයුතු සඳහා ඉන්දීය ණය පහසුකම භාවිතා කිරීමට නොහැකි බවත්, ඒ අනුව ආනයන කටයුතු තවදුරටත් බිඳවැටෙනු ඇති බවත් ආනයකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...