කොළඹ තවත් දියුණු කරන්න නගරාධිපති ධුරයට සජබෙන් වෛද්‍ය රුවේස් හනීෆා ඉදිරිපත් කරනවා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරිම බැවින් ඒ ගමන උදෙසා සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවත් එතුමා ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී වෘත්තිකයකු බවත් දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් සපිරි උගතෙක් බුද්ධිමතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රුවේස් හනීෆා මහතා වෛද්‍යවරයකු ලෙස නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් වෘත්තීයවේදියකු ලෙස වෘත්තීය උන්නතියත් තකා කටයුතු කළා සේම ලක්ෂ සංඛ්‍යාත ගිලන් වූ රෝගීන් වෙනුවෙන් මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සේවය කළ බවත් මේ මොහොත වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම සිදු කරන බවත් ඔහු පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කරන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයකු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

දියුණු සෞභාග්‍යසම්පන්න කොළඹ නගරයක් යටිතල පහසුකම් දියුණු කර නිවාස ගැටලුවට විසදුම් ලබා දෙන ආදායම් මාර්ග නිර්මාණය කරන සුපිරි සංවර්ධනයකින් බැබලෙන කොළඹ නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකින නව මුහුණක් නව නායකත්වයක් නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක් උගතෙක් බුද්ධිමතෙක් ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 22) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...