සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැවෙන ප්‍රශ්නය ජනපති ගොඩදායි – GMOA වෙතින් ජනපතිට තුති!

කොළඹ LNW: 2025 අයවැයෙන් රජය සේවක වැටුප වැඩිකිරීම සිදුකර තිබුණද එහි වූ තාක්ෂණික කාරණා මත විශේෂයෙන් සෞඛ්‍ය වෘත්තිකයින් අතර විවාදාත්මක තත්ත්වයක් මතුව තිබුණි.

මූලික වැටුප ඉහළ දමා තිබුණද ඔවුන්ගේ දීමනා කප්පාදුවක් සිදුව ඇති බවටයි සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය දින කිහිපය තුළම පෙන්වා දෙමින් සිටියේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනද ක්‍රියාත්මක කරන ලදී.

කෙසේවෙතත් අයවැය තුනවෙනි වර කියවීමේදී (21) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් එම වැටුප ගැටළුව විසඳන ආකාරය ගැන සෘජු පැහැදිලි කිරීමක් කළේය.

ඒ අනුව අද (22) දිනයේදී ජනාධිපතිවරයාගේ එම සාධනීය ප්‍රතිචාරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ගෞවරනීය ස්තූතිය ජනාධිපතිවරයා පිරිනමනලදී.

මතු වූ ගැටලුව නිරාකරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවත් එය එලෙසින්ම පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...