පළවෙනි බිත්තර තොගය කොළඹ වරායට – අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

Date:

සටහන – රෂිකා හෙන්නායක

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ , ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට නිකුත් කිරීම සඳහා තවත් දින 3ක් ගතවනු ඇති බවයි. අද (23) පාර්ලිමේන්තුවේදී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,

“බිත්තර ආනයනය කළ යුතු බවට කැබිනට් අනුකමිටුවක් හරහා එකමතිකව තීරණයක් ගත්තා. ඒ නිසා තමයි අපි කටු සහිත බිත්තර ආනයනය කළේ. අද වෙද්දී ඒ පළවෙනි බිත්තර තොගය කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස් තුනක් මේ අය ඉල්ලනවා ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරන්න මේ ලංකාව තුළ. ඉතින් අපි ඒ සඳහාත් අවස්ථාව දීලා තියෙනවා. මේ ආයතනය ලෝකේ තියෙන ඉහළම ප්‍රමිතීන් බලන හැම ආයතනයකටම බිත්තර සපයන ආයතන. ඒ සියලු සහතිකත් එක්ක තමයි අපි මේ බිත්තර ආනයනය කරලා තියෙන්නේ ඒ නිසා හෙට අනිද්දා වෙද්දී මේ බිත්තර ජනතාවට ලැබේවි.”

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබූ , රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර ඇති බවය . එම බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...