*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රොෂාන් කටු අලවා ගිලපු නාමල්ගේ රගර් බෝලය

ක්‍රීඩා අමාත්‍යවරයා මේ රටේ ක්‍රිඩාව හදන්න හැමතැනම කෑ ගසන තත්ත්වයට පත්ව ඇති අතර ඔහු දේශපාලනයට පිවිසි කුලකය අනුව දැනට දැක ගන්නට නැත්තේ පපුවට ගසා ගැනිම පමණි.මෙසේ කෑ ගසන එක ක්‍රීඩාවක් වන්නේ රගර් ය.ආසියානු තහනම ගැන කියමින් කෑ ගහන රගර් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා රගර් තහනමට හේතුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවත්,ඒය දිගටම ක්‍රියාත්මක වීමට හේතුව රොෂාන් රණසිංහ බවත් අමාත්‍යවරයා නොදැන සිටීම තමන්ගේ වගකිම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ඇති වගකීම ගැන හොඳ නිදසුනකි.

රගර් තහනම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ය.ඒයට බල පෑ බස්නාහිර පළාත් රග්බි සංගමය සම්බන්ධයෙන් විධායක කමිටුව ගත් ක්‍රියා මාර්ග ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර තිබිණ.අමාත්‍යංශ ලේකම්වරයා ඒවා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දුන්නා ද නැද්ද යන්න විමසා බැලිය යුත්තේ අමාත්‍යවරයා ය.නාමල් රාජපක්ෂ එය නොකර වැඩි දුර සොයා නොබලා හෝ තමන්ගේ පවුලේ ක්‍රීඩාව තරමටම සමීප රගර් සම්බන්ධ වෙනත් අදහසකින් හෝ රගර් තහනම් කරන්නට යෙදිණ.
එම කරුණු අධිකරණයේ සැළකිල්ලට ගෙන අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කළේය.අමාත්‍යවරයා කියනාකාරයට කිසිවෙක් පෙත්සමක් ඉදිරිපත් කළ පමණින් එහි කරුණු අනුව අනෙක් පාර්ශවය තහනම් කරන්නේ නැත.ඒසේ කීම අධිකරණයට කරන බලවත් අපහාසයකි.

එම නඩුව ඇඳුණු දුර අනුව අධිකරණය අලුත් නිලවරණය මොහොතේ එයට ද අවසර දෙමින් නඩුව නිමා කිරිමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලනය යටතේ සිටින නිලධාරීන්ට නියෝග කළේ,ඒම තහනමට හේතු වූ ක්‍රීඩා සමාජය ගෙන්වා සාකච්ඡා කර අවබෝධ කර දී ප්‍රශ්නය විසඳා අධිකරණයට වාර්තා කරන ලෙස ය.නමුත් ඒම නියෝගයට අනුව නව පරිපාලනය ද පත්කර ඇතත් ක්‍රිඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් නඩුව අවසන් කිරීමට අවශ්‍යය එම කරුණු මේ වන තෙක් දැණුම් දි නැත්තේ අමාත්‍යවරයාගේ පාර්ශවයෙන්ය.

ආසියානු සම්මේලනය ශ්‍රී ලංකාවේ ක්‍රිඩා අමාත්‍යංශය පනවපු තහනමට නිතියෙන් අතුරු තහනමක් පැන වුව ද,ඒය නීතියෙන් සපුරා නිදහස් විය යුතු බව පවසන බව ආසියානු තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කළ ක්‍රීඩා අමාත්‍යවරයා දන්නේය.එහෙත් ඒම තහනම ඉවත් කිරීම සඳහා අධිකරණය විසින් නියෝග කළ පරිදි කටයුතු කර වාර්තා කර නැත්තේ තමන් නායකත්වය දෙන අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.
ආසියානු සම්මේලනයේ තහනම හෝ සභාපති තහනම හෝ සැළකිල්ලට ගෙන ලෝකය ශ්‍රී ලංකාවට උදව් නොකරන්නේ නැත.ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර වූ පෞද්ගලික සංවාදයකදී පැවසූ දෙයකට ඒම තහනම ක්‍රියාත්මක කරන අතර ආසියානු සම්මේලන සභාපතිවරයා ද එහි ඉඳගෙන කිසිඳු ලිඛිත පෙත්සමක් හෝ චෝදනාවකින් තොරව සභාපති බලය යොදා ගෙන පුද්ගලයන් දෙදෙනෙක් අතර වූ වචන හුවමාරුවකට රටක් තහනම් කිරීම මේ වන විට ආසියානු සම්මේලනයේ ද විමංශනාක්ෂියට ලක්ව ඇත.ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කරුණ ගැන ආසියානු සම්මේලනයේම පරීක්ෂණය කළ යුතු යැයි තීරණය කිරීම මෙන්ම ජාත්‍යන්තර සම්මේලනයේ අවධානය යොමු වී තිබිය දි ක්‍රීඩා අමාත්‍යවරයා හිතන්නේ රගර් ක්‍රීඩා නොකරපු ආසියානු සභාපතිවරයා විදිහටය.

ක්‍රීඩා නොකරපු කෙනෙක් සාමාන්‍යයෙන් ශක්තිය තමන්ට ඇවසි පරිදි යොදවන්නට අයිතිය ඇති බව සිතයි.ක්‍රීඩාවේදී ඒවා නීත්‍යාණුකූල විනයකට යටත්ව යෙදෙයි.රටක අධිකරණය පනවන තීරණයකට හෝ නියෝගයකට හෝ ක්‍රියාත්මකවිම පසෙකලා තමන් හිතන තැන සිට කතා කිරීමේ දුර්වලතාවය සමහර විට ක්‍රිඩා නොකිරීම ද විය හැකිය.ඒ නිසා තමන්ගේ සිහසුනේ ඇති ගද තමන් නිසා වූවක් බව සොයා නොබලා වටේටම බැන අඩ ගසන්නට යාමේදී ඊට පිළිතුරු සේ තැබෙන මෙවන් සටහන්වලින් සිඳුවන්නේ වැඩි දෙනෙක් ඊට හේතුව දැන ගැනිමය.

ගෙදර ගියොත් නොව අමාත්‍යංශයට පැමිණිය ද නැසෙන්නට පුළුවන් තත්ත්වයක් ද අමාත්‍යවරයාට ඇති බව අපි දන්නෙමු.කොච්චරම හිතවත් වුණත්,සමීප වුණත් රජුට රැකෙන්නනම් කඩුව දීමේදි සුදුසුකම් සේ ගත යුත්තේ ඒවා නොවේය.දැන් හොඳටම එරී ඇති මොහොතේවත් තවමත් නාමල් ලිල්ලූ රගර් බෝලය වමාරා හරි දේ කරන්නට තමන් යටතේ සිටින නිලධාරීන්ට කිව යුතුය.අධිකරණයට ගරු කරමින් වසරකට ආසන්න කාලයක් ගත කරමින් අධිකරණය දුන් උපදෙස් සහ නියෝගවලට කටයුතු නොකරන සිටින බලධාරීන්ට කිව යුත්තේ වහාම අධිකරණය දුන් නියෝගවලට අනුව කටයුතු කර අධිකරණයේ ඇති නඩුව නිමා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට පැවරී ඇති කොන්දේසි නිමා කරන ලෙසය.එවිට ආසියානු තහනමට පදනම් වූ කාරණය ඉවත්වනු ඇත.ආසියානු තහනම තව දුරටත් නොතිබෙනු ඇත.

ක්‍රීඩාව ගැන ඔබට උපදෙස් දෙන්නට උපදේශක මණ්ඩල‌ේය් සිටින පිරිස අතර ක්‍රීඩා සම්බන්ධ ව්‍යාපාර කරන හෝ ව්‍යාපාර සම්බන්ධයෙන් රැකියා කරන කිසිවෙක් හෝ සිටී ද?ඔබතුමාට උපදෙස් දෙන්නට පත් වූ පසු ඔහු තමන්ගේ මුදල් ඉක්මණින් පියවා ගැනිමට කටයුතු කර ඇද්ද යන්න ද සොයා බැලිය යුතුය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු නොවෙනම කාරණය රගර් සම්බන්ධයෙන් ඔහුට උපදෙස් දෙන්න පත් වී සිටින පිරිස කළ කී දෑ ය.ආසියාවට හේත්තු වි සිටින සහ අමාත්‍යවරයාට හේත්තු වි සිටින රගර් ඔස්තාර්ලගෙන් වත්මන් රගර් පරිපාලනය රගර් ක්‍රිඩාව භාර ගන්නා විට තත්ත්වය සම්මේලනය මිලියන 55 ක් ණය වී තිබීමය.වර්ථමානයේ එම ණය මිලියන 27 දක්වා අඩු කරන ගමන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් තොරව අවශ්‍යය අනුග්‍රහයන් සොයා ගනිමින් සියලු තරග පවත්වමින් සහ නව අංග එක් කරමින් රගර් ඉදිරියට ගොස් ඇත.


නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan