ගාලු පාරේ විරෝධයක්! මාර්ගයත් අවහිර වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW):අද (24) පස්වරුවේ පානදුර ගාලු පාරේ පිහිටා ඇති අනගාරික ධර්මපාල පිළිරුව අභියස රට බීමහලක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පෙහෙවස් සමාදන් වූ පිරිසක් පානදුර ගාලු පාරේ එක් මං තීරුවක් මුළුමනින්ම අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.

භික්ෂූන් වහන්සේලා හතළිහක් පමණ සහ පෙහෙවස් සමාදන් වූ පිරිස 400 කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති අතර, “දම්පල් පිළිරුව ඉදිරියේ තැබෑරුම වහා ඉවත් කරනු, පානදුර නගරයට තැබෑරුම් එපා, දැයේ විරුවන්ට අවමන් නොකරනු” යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව විනාඩි 45 ක පමණ කාලයක් ඔවුහු විරෝධතාවයේ නියැලී ඇත.

පානදුර දකුණ පොලිසිය විසින් විනාඩි තිහක පමණ කාලයක් ගාලු පාර අවහිර වීමෙන් ඇති වූ වාහන තදබදය විකල්ප මාර්ග භාවිතා කරමින් මගහැරවීමට කටයුතු කර ඇත,

පානදුර ප්‍රාදේශීය ලේකම් ජයදේවී කොඩිතුවක්කු මහත්මිය මේ පිළිබඳ සදහන් කලේ, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් ඇයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...