රෝද හතරක් උඩ සතර කන් මන්ත්‍රණයක් !

Date:

මෑතකදී පැවති අවමංගල්‍ය උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කලක් තිස්සේ සිටි දෙහිවල – ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා මුණගැසී තිබේ.

ධනසිරි අමරතුංග මහතාව දුටු සැණින් මෛත්‍රීපාල සිරිසේන මහතා “ආ … ධනේ, කොහොමද ?” කියා සුවදුක් විමසා ඇත.

එහිදී ධනසිරි අමරතුංග මහතා පවසා තිබුණේ “ආ… සර්. ඉස්සර නම් සර් කියන්න කට නැමුණේ නෑ. ඒත් දැන් දැන් සිද්ධ වෙන ඒවා එක්ක සර්, මොන ප්‍රශ්න තිබ්බත් සර්ලා එක්ක එක්කහු වෙන්නයි වෙලා තියෙන්නෙ” කියාය.

මෙයින් පසු ධනසිරිව කැඳවාගෙන සිය මෝටර් රථය වෙත ගොස් ඇති හිටපු ජනාධිපතිවරයා දීර්ඝ වේලාවක් ධනසිරිගේ දුකට සවන්දී ඇත. කාලයක් රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙකු වුවත් මේ වනවිට පැත්තකට තල්ලු වී සිටින ධනසිරිත් එක දිගටම තමන්ගේ දුක කියාගෙන ගොස් ඇත.

සියල්ල අසාගෙන සිටීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා “ධනේ …., මම 2015 මට ජනාධිපති වෙන්න එක රවුමයි නම් දිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න වට 10ක් හරි දුවන්න ලෑස්තියි. මම වට 10ක් දුවලා හරි මේ ආණ්ඩුව වෙනස් කරනවා” යැයි පවසා ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...