රැස්වීම්වලට ආවට ඡන්ද වැටෙන්නෙ නෑ – ජාජබ රැළිය ගැන සජබ තක්සේරුව

Date:

මේ වනවිට රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට ආණ්ඩුව එපා වී ඇති නිසා පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, රැස්වීම් සඳහා සහභාගි වන බව සමගි ජන බලවේගය පවසනවා. කෙසේ නමුත් ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද එම පක්ෂය අවධාරණය කරනවා.

ඊයේ නුගේගොඩදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩු විරෝධී ජනතාව විශාල ප්‍රමාණයක් ඊයේ රැළියට සහභාගි වූ නමුත් ඔවුන් සියලු දෙනා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා නොදෙන බවද තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කරනවා.

පක්ෂ භේදයකින් තොරව, නිල්-කොල-රතු භේදයකින් තොරව, ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන රැස්වීම් සඳහා ජනතාව සහභාගි වන බවත්, ඊයේ ජනතාව පැමිණියේ අනුර කුමාර දිසානායක මහතාගේ පම්පෝරි ඇසීමට නොවන බව ඔවුන් තේරුම් ගතයුතු බවත් ඉඳුනිල් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...