දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/24

Date:

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙවර වෙසක් උත්සවය ජාතික හා දේශීය වශයෙන් ඉහළින්ම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසයි.
  2. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සියයට 20 ක මූලික කප්පාදුවකට (principal haircut) ලක්ව ඇති අතර, කල්පිරීම් දිගු සහ කූපන්පත් අවමවීමකට ද ලක්ව ඇති බව බාර්ක්ලේස් (Barclays) වාර්තාවක දැක්වෙයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇ.ඩො. බිලියන 03 ණය පහසුකම සඳහා වූ අවසාන අත්සන් යෙදීමෙන් අනතුරුව මෙරට ඇ.ඩො. බිලියන 13.4 ක ස්වෛරී ඩොලර් බැඳුම්කර (ප්‍රාග්ධන+පොලිය) ප්‍රතිව්‍යූහගත කිරීම කෙරේ ආයෝජකයන්ගේ අවධානය යොමුව තිබේ.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සඳහා සියයට 04 ක වාර්ෂික පොලියක් සහ අතිරේක අධි අය ගෙවීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
  4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අප්‍රේල් මස තුන්වන සතිය වන විට පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මෙම වාර්තාව පිළිබඳව යම් අයෙකුට යම් ගැටළුවක් පවතින්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බව පවසයි – එවන් සම්මත කිරීමකින් තොරව තමාට දෙවන වටයේ සාකච්ඡා සඳහා යා නොහැකි බව ද පවසයි.
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමේ ඇ.ඩො. මිලියන 330 ක පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලැබුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
  6. ආනයනික කිරිපිටිවල මිල අප්‍රේල් 01 වන දින සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසයි – මෙම තීරණය ගනු ලැබුවේ ලෝක වෙළඳපොලේ මිල ගණන් අඩුවීම සැලකිල්ලට ගෙන බව ද පවසයි.
  7. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් දඩයම් කළ ට්‍රෝලර් යාත්‍රා ලුහුබැඳීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කරයි – මෙහෙයුමෙන් ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු ද සමඟ යාපනයේ අනලතිව් සහ කෝවිලන් හි දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් දඩයම් කරමින් සිටි ට්‍රෝලර් යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
  8. ණය පැහැර හැරීම සහ දැඩි ආනයන සීමා කිරීම් වලින් පසු මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ විනිමය ශුද්ධ ගැණුම්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර පවසයි – මහ බැංකුව විසින් මෙම වසර තුළ මේ වන විට ඇ.ඩො. බිලියන 01 ක පමණ විදේශ විනිමය රැගෙන විත් තිබෙන බව ද පවසයි – ආනයනවෙත පැනවූ තහනමින් පසු තම ව්‍යාපාර වසා දැමීමට සිදුව ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනින් මැසිවිලි නඟයි.
  9. ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරිං, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩිංස් (ග්‍රෑන්ඩ් හයාට් හෝටලය), හොටේල් ඩිවලොපර්ස් (හිල්ටන් හෝටලය), ලිට්රො ගෑස්, ලිට්රො ගෑස් ටර්මිනල් සහ ලංකා හොස්පිටල්ස් ආදී සමාගම්වල රජය සතු කොටස් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි – එකී සමාගම්වලට ගනුදෙනු උපදේශන සේවා සැපයීම සඳහා විශේෂඥයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය.
  10. දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...