*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ධනංජය ද ඇන්ජලෝ ද මුළු ක්‍රිකට්ම ද….

ධනංජය සිල්වා අංක හත දක්වා පසුබැස ඇන්ජලෝ මැතිවිස්ට අංක හතර දෙන්නට ආ යෝජනාවකට ධනංජය අකමැති වූ බවත් ඒ අනුව ධනංජය එක්දින සංචාරයට ක්‍රීඩා නොකරන බවටත් පැතිරුණු ප්‍රවෘත්තියකි.පසුව ධනංජය සිය ට්විටර් ගිණුම හරහා කියන්නේ එම කතා අසත්‍ය බවය.

මේ මොහොතේ බරම කතාව යට ගසන්නට මේ කතාව මරුය.අද තරගය දිහා බලාගෙන ඇන්ජි රසවතුන් සහධනංජය රසවතුන් සමාජ ජාලා මාධ්‍ය හරහා එකිනෙකා මරා ගන්නවා දැක ගන්නට ඇත.ඇත්තටම ධනංජය බොරු කිව්වාට එවැනි ගැටුමක් ඇති වෙන්නත් ඇත.ධනංජය කියන දේ ඇත්තම යැයි කියන්නටත් බැරිය.
එහෙත් වඩා වැදගත් මේ මොහොතේ ක්‍රීඩකයින් කෙරෙහි ගොඩ නැඟි ඇති පීඩනය වෙනකක් ය.මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ සහ අමාත්‍යවරයාගේ හපන්කම් සම්බන්ධයෙන් අයිසීසී ය ද අවි අමෝරන්නට පටන් ගෙන ඇත.දැනට තිදෙනෙක්ගෙන් යුත් මණ්ඩලයක් මේ තත්ත්වය පරික්ෂාවට ලක් කර ඇත.

ඇමතිවරයා විසින් පාලනය කරන අමාත්‍යංශයේ ලේකම්වරයා (හිටපු අමල් හර්ෂ ද සිල්වා වෛද්‍යතුමා) ක්‍රිකට් ආයතනයට යවන ලද ලිපිය අමාත්‍යංශයෙන්ම මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීමට ඉදිරිපත් කරේ අමාත්‍යංශය තමයි චණ්ඩි අනං මනං අපි එක්ක බැහැ කියන තර්ජනය තනුක කර තිබූ වචන සමඟය.
එහි නරකම කතාව අයිසීසී ය ට සෘජුව අමතන්නේ නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුවත් කර සිටිය යුතු බවට කරන තර්ජණාත්මක විධානය ය.රොෂාන් රණසිංහ බබා වී අමල් හර්ෂ හිතුවක්කාරකමට කරපු එකක් වී,එම ලිපිය සම්බන්ධ ඉදිරි වාර්තා සකස් වීමට ද ඉඩ ඇත.ක්‍රීඩකයින් අතර පවතින අර්බූද තත්ත්වයක් නිසා මිස අයිසීසි අවදානම ක්‍රිඩකයින් බලනොපාන බව පෙන්විම සඳහා ධනංජය නාටකය පෙරට ගෙන මාධ්‍යයට දුන්නා විය හැකිය.

අයිසීසී තහනමක් පැන වුවහොත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ට වඩා ක්‍රීඩකයන්ට විශාල වශයෙන් පාඩුය.ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට ක්‍රීඩා කරන්නට ඇති අවස්ථා සහ ඉපැයීම් සියල්ල හකුළා ගන්නට සිඳුවීම නිසැකය.පාපන්දු ක්‍රීඩාවේදී එවැනි වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් ඇත්තේ විදේශවල පුරවැසිකම තිබියදී මෙරටට ක්‍රීඩා කළ ක්‍රිඩකයින් කිහිප දෙනෙක්ට වුව ක්‍රිකට්වල තත්ත්වය වෙනස්ය.ක්‍රීඩා සමාජ මට්ටමේ සිටම ක්‍රීකට් ක්‍රීඩකයෝ යම් ධනයක් ක්‍රීඩාවෙන් උපයන්නෝය.

ජාතික ක්‍රීඩාව සභාවේ මුල් පුටුව දරා සිටින ලෝක කුසලානයක් දිනපු නායකයෙක් ක්‍රීඩා අමාත්‍යවරයාට මඟ පෙන්වන්න සිටියදී ජාත්‍යන්තරේ අපිට මොටද අපි කරන්නේ අපිට ඕනි විදිහට බව කියන්නට උත්සාහ කරන ක්‍රීඩා ඇමතිට එහි භයානකකම ගැන අවබෝධයක් දෙන්න නොහැකි වී තිබීම කණගාටුදායකය.රොස් ඉමර්සන්ලා ට දාපු වැඩ පිට්ටනියේ ය.එය ලෝකයම වැරද්ද දකිද්දිය.එහෙත් අර්ජුන මේ ලෝකයේ ක්‍රිකට් පාලනය සම්බන්ධයෙන් හැමෝටම විවෘත නොවුණ ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බලයෙන් අන්ධව ලෝකයෙන් රට සහ රටේ ක්‍රීඩාව ඈත් කරන්නට දරණ මුග්ධ වැඩ පිළිවෙලක්ය.නිකමට හෝ මේ ඇති කර තිබෙන තත්ත්වය දිගට ගියහොත් අර්ජුණට වුව නිකමට හෝ ක්‍රිකට් පරිපාලනය ඡන්දයෙන් බැරි නිසා අතුරු කමිටුවකින් හරි යළි මුල් පුටුව ගන්න ආසාවක් ඇත්නම් මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිස්සුව සිඳු කළොත් අර්ජුනට මුල් පුටුව ගන්න වෙන ශ්‍රී ලංකා ක්‍රිට් ලෝකයෙන් නෙරපූ එකකි.

සමහරු තමන්ගේ සිහින සැබෑ කරගන්න රට ජාතියම පාවා දුන් අවස්ථා ලෝකයේ මෙන්ම අපේ ඉතිහාසය තුළ ද ඇත.අර්ජුන එවැන්නෙක් වී හෝ ක්‍රිකට් මුල් පුටුවේ සිහිනය වැළඳගන්න තරමට වියරු වැටී ඇතැයි අපි නොසිතමු.දැනට ලෝකෙ රටවල් 197 ක් එපා කියන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා හිරේ විලංගුවේ වැටී සිටියත් ලංකාවට පමණක් වලංගු පාපන්දු සම්මේලන පුටුවේ ඉඳගෙන සිටින අයුරු දැකිය හැකිය.රිමාන්ඩ්ගතව සිටියත් ඔහු ශ්‍රී ලංකා පාපන්දු සභාපතිය.ලෝකයම එපා කියද්දිත් තමන් සභාපතිය කියා වින්දනයක් ලබන්නට කැමත්තෙන් එම තනතුරේ සිටින ශ්‍රී රංගාව ඉවත්කර අලුත් නිලවරණයකට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යටතේ ඔවුන් හා එකඟ වූ මාර්ග සිතියමක් යටතේ පිවිසෙන්නට අමාත්‍යවරයාට වගේ වගක් නැත.

ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔළු ගෙඩියේ හැඩේ සපුරා තියෙන්නේ මේ රටේ ක්‍රීඩාවට ජාත්‍යන්තර ලොක්කො නැහැ මං ඇමති කියන විදිහට වැඩ කිරීමේ උවමනාවක් බව පැහැදිළිය.ඒ නිසා ධනංජය ද ඇන්ජලෝ ද කියන ප්‍රශ්නය නොව සැබෑ ප්‍රශ්නය ඔවුන් දෙදෙනාටම ක්‍රිඩා කරන්න ක්‍රිකට් ඉතුරු වෙයිද යන්නය.

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan