*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/25

  1. සංකීර්ණ ණය ප්‍රතිව්‍යූහගත කිරීම, අවාසිදායක බාහිර පරිසරය, අධික උද්ධමනය, සහ අභියෝගාත්මක දේශපාලනික සහ සමාජීය තත්ත්වය ආදී කරුණු මත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැඩසටහනට එල්ලවන අවදානම් “අතිශයින් ඉහළ” බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි – මෙම වැඩසටහන රාජ්‍ය මූල්‍ය කඩාවැටීම්, ආදායම් බලමුලු ගැන්වීම සහ සංචිත ගොඩනැගීමේ සැලකිය යුතු අවදානම් දරන බව ද පවසයි – තවදුරටත් සිදුවිය හැකි ආර්ථික කඩාවැටීමක්, දුර්වල බැංකු පද්ධතිය, විදේශ විනිමය අනුපාත මඟින් එල්ලවන පීඩානය සහ වෙළඳපොල විශ්වාසය බිඳවැටීම ආදී කරුණු මත අවදිවිය හැකි වඩාත් ගැඹුරු අර්බුදයක් හමුවේ තම වැඩසටහන සංකීර්ණ විය හැකි බව ද අනතුරු අඟවයි.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමත වීමෙන් දින 04 කට පසු රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්‍රමාණය වෙයි – රු. 331.38 දක්වා සියයට 01 කින් පමණ අවප්‍රමාණය වෙයි – කළු වෙළඳපොල තුළ ඩොලරය නැවත වරක් රු. 345.00 ට විකිණෙන බවට වාර්තා වෙයි – රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇති බවට වෙළඳපොල අපේක්ෂා කරයි.
  3. ඉන්දියාවට ගෙවීමට ඇති ණය වාරිකයක් පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඇ.ඩො. මිලියන 330 න් ඇ.ඩො. මිලියන 121 ක් භාවිතා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – තම සියලු ද්වී-පාර්ශ්වික ණයහිමියන්ට “සමාන ලෙස සලකන” බවත් විනිවිදභාවය වෙනුවෙන් කැපවන බවත් තරයේ පැවසූ රජය ලැබුණු මුදලින් විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ ණය වාරිකයක් පියවීම වෙනුවෙන් මෙලෙස වෙන් කිරීම හමුවේ විශ්ලේෂකයෝ තුෂ්ණිම්භූත වෙති.
  4. කි.ග්‍රෑ 50 ක යූරියා පොහොර බෑගයක මිල රු. 7,000 කින් අඩු කිරීම පොහොර සමාගම් එකඟතාව පළකරයි – මෙම තීරණය ගෙන තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.
  5. රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් තුන්වන වරටත් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට අසමත් වී ඇති බව වාර්තා වේ.
  6. කුප්‍රකට පාතාල සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන “හරක් කටා” වෙනුවෙන් නීතිමය සහාය සපයන්නේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ගේ නිවස ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයේ නිරත වී ඇති බව වාර්තා වේ – මෙම උද්ඝෝෂණය, සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීමට සාලිය පීරිස් මහතා සතු වෘත්තීය අයිතිවාසිකමට එල්ලකරන බරපතල බාධාවක් බව නීතීඥ සංගමය පවසයි.
  7. 2023 පෙබරවාරි තුළ අපනයන ඇ.ඩො. මිලියන 1,005 වාර්තා කරයි – මෙය වසරින් වසර (YoY) සියයට 8.1 ක හැකිලීමකි – ඇ.ඩො. මිලියන 1,980 ක පළමු මාස දෙකෙහි සමුච්චිත අපනයන ඉපැයීම් වසරින් වසර (YoY) සියයට 9.7 ක දැවැන්ත අඩුවීමක් පෙන්නුම් කරයි.
  8. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ විදේශ තානාපතිවරුන් හමුවෙති; රටේ වත්මන් තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය, සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලි කරති.
  9. ඇතැම් පොලිස් සථාන විසින් සාවද්‍ය ලෙස මත්ද්‍රව්‍ය ආශ්‍රිත සිදුවීම් වාර්තා කර ඇති බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සිදුකළ චෝදනාවට අදාළව සවිස්තරාත්මක තොරතුරු ලැබෙන තුරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බලා සිටින බව වාර්තා වේ – ඇතැම් පොලිස් ස්ථාන විසින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත සිදුවීම් සාවද්‍ය ලෙස අධිකරණයට වාර්තා කර ඇති බවට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් තහවුරු වී ඇති බව මීට ඉහත අවස්ථාවකදී අධිකරණ අමාත්‍යවරයා විසින් පවසා තිබිණි.
  10. ඉදිරි දින 58 ඇතුළත, MV X-Press Pearl නෞකාව ගිනිබත් වීම සහ එමඟින් සිදුවූ සමුද්‍ර හානියට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි – මෙම සිදුවීමට අදාළව අවම වශයෙන් ඇ.ඩො. බිලියන 01 ක වන්දියක් වත් ලබා ගත යුතු බව රජයේ විවිධ නායකයන් විසින් මීට ඉහත පවසා තිබිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan