*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ලංකා බොක්සිං ක්‍රීඩාවේ කරල පැහෙන කාලේ හෙට අස්වැන්නට හොඳ බීජ වැපිරීමක්

රටක ක්‍රිඩාව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගෙනෙන ජයග්‍රහණ මතම තීරණය වන්නක් නොවේය.ඊට දායකවන පරිපාලනය,පුහුණුව,තාක්ෂණික නිලධාරී මෙන්ම කලාව, සාහිත්‍යය,දේශපාලනය වැනි කාරණාවලට ද ජයග්‍රහණ හෝ පරාජය අත් කර දිය හැකිය.ක්‍රීඩාව සමාජ කාරණාවක් වන්නේ එම පුළුල්භාවය නිසාය.ශ්‍රි ලංකාවේ බොක්සිං සිටින්නේ අද එතැනට යම් පමණකට සමීප වෙමින්ය.ඩයන් ගෝමස් ජාත්‍යන්තරය පිළිගනු ලබන ජාත්‍යන්තර බොක්සිං සම්මේලන සභාපතිවරයෙක්ය.එහි උප සභාපතිවරයෙක් වන වසන්ත කුමාර ජාත්‍යන්තර තාක්ෂනික නිලධාරියෙක් ලෙස පැවත් වූ දුෂ්කර පරීක්ෂණයෙන් එතෙර වූයේ ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්ය.එසේම ප්‍රථම වතාවට ලෝක බොක්සිං සම්මේලනයේ වෛද්‍ය කමිටු සභාපති ධූරයට ශ්‍රී ලාංකිකයෙක් පත් විය.ඒ වෛද්‍ය තරංග අරුග්ගොඩය.හේමන්ත වීරසිංහ ආසියානු කවුන්සිලයට තේරී පත් වූයේ ද ආසන්න දිනයකදී ය.


මේ පසුබිම මත ක්‍රීඩාවට ශක්තිය සපයන ක්‍රීඩකයාගේ හැකියාව මුවහත් කර ගැනීමට අවශ්‍යය පාරවල් සෙවීම පහසු වන්නේය.සමහර විට පරිපාලනමය වශයෙන් ගොඩ නැඟෙන මේ බලය පාරවල් ලංකාව දෙසට නමන තරමේ සුළඟක් ය.ඒ සුළඟ දීගේ ඉන්දියාවෙන් පැමිණි හර්යානා ප්‍රාන්ථයේ මාර්තු 24 සිට අප්‍රේල් 4 වන දා දක්වා පැවත්වෙන රටවල් හතක් සහභාගි වන බොක්සි පුහුණු කදවුරකට ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ සිටන ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට අවස්ථාව ලැබී ඇත.ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන්නට කොළඹ සුගතදාස හෝටලයේ මාධ්‍ය හමුවක් පැවත්විණි.පහත දැක්වෙන්නේ ඒ ආශ්‍රීත සටහනය.
ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදේශ පුහුණුවක් හිමිවන පළමු අවස්ථාව මෙය බවත්,ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයන් විශාලම පිරිසකට එකම මොහොතක පුහුණුවක් ලැබෙන අවස්ථාව මෙය බවත් ඉන්දියාවේ හර්යානා හී දී පැවත්වෙන රටවල් හතක් සහභාගිවන යොවුන් බොක්සිං කදවුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ උප සභාපති විතානගේ වසන්ත කුමාර පැවසීය.



ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති මාධ්‍ය හමුවේදී තව දුරටත් අදහස් දැක් වූ වසන්ත කුමාර පෙන්වා දුන්නේ මෙම පුහුණු කඳවුරට දිවයින පුරා විසිරි පාසල් විසි එකකින් සිංහල දෙමළ සහ මුස්ලිම් යන ජාතීන් තුනම නියෝජනය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිපස් දෙනෙක් සහභාගිවන බවය.ඒ සමඟ නිලධාරීන් දස දෙනෙක් ද මේ පුහුණු කදවුරට සහභාගිවන බවත් එම කණ්ඩායමේ කළමණාකරු ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන එක්වන බවත් අනෙක් නව දෙනාම සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට සම්බන්ධ පුහුණුකරුවත් බවත් වසන්ත කුමාර වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේ මොහොතේ ලෝකයේ ප්‍රබලම බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින උස්බෙකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග වදින්නට ලැබීම යොවුන් ක්‍රීඩකයන්ගේ අනාගතයට ආශිර්වාදයක් බව පැවසූ වසන්ත කුමාර 2026 දී ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙම සංචිතයේ විශාලම බලාපොරොත්තුව බව පැවසීය.

මෙම අවස්ථාව සඳහා කණ්ඩායම සහභාගි කරවීම සඳහා ඉතා කෙටි කාලයක් තුළ අවශ්‍යය මූල්‍යමය දායකත්වයේ සිට සියලු කටයුතු වෙනුවෙන් ඉන්දීය බොක්සිං සම්මේලනය විශාල දායකත්වයක් දක්වා ඇත.එසේම මේ සදහා අවශ්‍යය මූල්‍යමය දායකත්වයේ ඉතුරු කොටස දෙමව්පියන් සහ හිතවතුන්ගෙන් ලැබී ඇත.එසේම වසන්ත කුමාර අවශ්‍යය නීතිමය අවසරය ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය දැක් වූ සහයෝගය ද ඉහළින් අගය කළේය.

පාසල් බොක්සිං සම්මේලනයේ ලේකම් ජමිත ගයාන් බණ්ඩාර අදහස් දක්වමින් පැවසුවේ එල්.වී.ජයවීර,ටී.බී.ජයා සහ ස්ටබ්ස් තරගවල රන්,රිදී,ලෝකඩ පදක්කම්ලාභීන් හරහා ගොඩ නැඟුණු යොවුන් ජාතික සංචිතයෙන් මේ ක්‍රීඩකයන් විසිපහ සහ පුහුණුකරුවන් තෝරා ගත් බව පැවසීය.

මෙම ක්‍රීඩක කණ්ඩායමට නායකත්වය දෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සංචිත් රේමන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ බොක්සිං ක්‍රීඩාවේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට මෙම පුහුණුව තමා ඇතුළු කණ්ඩායමට ඉවහල් වෙනු ඇති බවය.

මෙම මාධ්‍ය හමුවට ඉන්දියාවේ කාන්තා ලෝක සූරතාවලියට සහභාගි වෙමින් සිටියදී වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් පුහුණුවට එක්වන කණ්ඩායමට සුබ පතමින් මේ වසරේ හංගේරියාවේ පැවත්වෙන යොවුන් තරගාවලියට පුහුණු කදවුරේ දක්ෂතම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට අවස්ථාව ලබා දීමට හංගේරියාව එකඟ වූ බව පැවසීය.
මෙම අවස්ථාවට සහභාගිවන කණ්ඩායමට සුබ පැතීම සදහා ඔලිම්පික් ක්‍රීඩක අනුරුද්ධ රත්නායක,ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ලෙස රටට ජයග්‍රහණ දිනා දුන් හර්ෂ කුමාරද එක් වු අතර සිය අත්දැකීම් අනුව ඔවුන් යොවුන් කණ්ඩායමට සුබ පතමින් යොවුන් ක්‍රීඩකයින් මෙම කදවුරට සහභාගිවීම ඔවුන්ගේ ක්‍රීඩාවේ අනාගත ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා හොඳ පිවිසුමක් වනු ඇති බව පැවසීය.මෙම සංචාරයට සහභාගිවන පුහුණුකරුවන් කිහිප දෙනෙකුද එක් ව සිටි අතර ඔවුන් මෙම සාභාගීත්වය සඳහා දායක වූ ඩයන් ගෝමස් සභාපතිවරයාට,උප සභාපති වසන්ත කුමාරට මෙන්ම පාසල් බොක්සිං සම්මේලනයටද සිය කෘතඥතාවය පුද කළ අතර පුහුණුකරුවන් ලෙස අනාගතයට වඩාත් ශක්තිමත් ක්‍රීඩකයින් නිර්මාණය කර ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බව පැවසීය.



නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan