*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

සම්මානයක් නිසා රෙදි ගැලවුන අපේ ඈයන්ගේ “පොෂ්කම”

සම්මානයක් කියන්නේ මතුපිට පෙනුමට පමණක් හිමි නොවන ඊට වඩා ගැඹුරක් සොයා දක්ෂතාවයට ලබා දෙන ඇගයීමකි. සම්මානයක් ලැබෙන්නේ මොකක් උදෙසා ද යන්න ඕනෑම අයෙකුට තෙරුම් ගැනීමට හැක්කක් වුවත් සම-හරක් ට ඒකට මොන හරි නොකියා ඉදීම කට කහනවා වගේ විය හැක.

ලඟදී දැනගත්ත වචනයක තේරුමක් නිසා ගොඩක් අය දැන් පොෂ් කියන සෑම්පලයට ගමන් කරන ජීවීන් වී හමාරය. එයාලා ඕනෑම දෙයක් දිහා බලන්නේ මතුපිට පෙනුමෙනි; ඇතුලාන්තය හිස් වූවත් මතු පිට ලස්සන නම් ඔවුන්ට ඇති ය.

ඉතින් අපි මේ ඇරඹුම ගන්නේ කාගේත් කතා බහට ලක් වූ “Naatu Naatu” ගීතය ගැන අපේ අදහස පැහැදිලි කරන්නයි.

“Naatu Naatu” නිර්මාණය M. M. Keeravani විසින් නිර්මාණය කරන ලද ඉන්දියානු තෙළිඟු-භාෂාමය ගීතයකි. Chandrabose ගේ පද රචනයෙන් සහ Sipligunj සහ Kaala Bhairava විසින් 2022 වසරෙහි කරළියට ආ ඉන්දියානු චිත්‍රපටයක් වන “RRR” හි ඇල්බමය සඳහා මෙම ගීතය පටිගත කරන ලදී.

2021 නොවැම්බර් 10 වන දින ලිරිකල් වීඩියෝවක් ලෙස YouTube වෙත මුදාහල මෙම ගීතය චිත්‍රපටයේ සෘජු දර්ශන ඇතුළත් සම්පූර්ණ වීඩියෝව සමඟින් 2022 අප්‍රේල් 11 දින YouTube වෙත නිකුත් කරන්නට විය.

NTR සහ Ram Charan රංඟනයෙන් දායක වන මෙම ගීතය මෙවර 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලෙහි හොඳම මුල් ගීතයට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය. ඉන්දියානු චිත්‍රපටයක් ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි. එලෙසම ඇකඩමි සම්මාන උළෙලේදී මෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදීත් Naatu Naatu ගීතය සම්මානයට ප්‍රාප්ත විය.

The hindu business line
Current affairs

මෙම ගීතය හින්දි බසින් “නාචෝ නාචෝ” ලෙසත්, දෙමළ බසින් “නාට්ටු කූතු” ලෙසත්, කන්නඩ බසින් “හල්ලි නාටු” ලෙසත්, මලයාලම් බසින් “කරින්තෝල්” ලෙසත් ප්‍රේක්ෂකයන් අතරට යන ලදී.

ඔස්කාර් ගත්ත ඔස්තාර්ලා අතරට ගිය M. M. Keeravani ගේ Naatu Naatu ගැන විවිධ ඈයෝ විවිධ දේ කියන්නට විය. මේ මොන විගඩමක් ද? මේ වගේ සිංදු වලට ද ඔස්කාර් දෙන්නේ? ඔස්කාර් වැඩකට නැති ඒවට සම්මාන දෙන්න තරම් පහළට වැටුනා ද? ආදී ප්‍රශ්න තොගයක් ඒ අතර විය.

සංගීතය පැති ගොඩකට විහිදෙනවා. ඒ අතර දැහැනට සම වැඳී අහන ගීත, විඳින්න පුළුවන් ගීත, ඇගට ගැම්මක් එන ගීත, පොඩ්ඩක් ඇහුනත් නැටවෙන ගීත, සිනහව මෙන්ම කඳුලු ද හඟවන ගීත ආදී වශයෙන් විවිධකාරයෙන් දැනෙන ගීත සංගීතයෙහි යම් කොටසක් හෙබවයි. මෙලෙස ඇගට ගැම්මක්, ජවයක් ලබා දෙමින් ප්‍රේක්ෂකයන් කුල්මත් කරවන ගීතයක් ලෙස Naatu Naatu දැක්විය හැකි අතර සමහරක් අයටනම් මේ වගේ ගීත හොලිවුඩයට ගොස් සම්මානයට ප්‍රාප්ත වීම විහිළුවකි. ඔවුන්ට අනුව එය ඔස්කාර් වලට මදිකමක් ලෙස ඔවුන් දකී.

අපට නොපෙනෙන හරි තවකෙක්ට පෙනෙන හරි යම් යම් අඩුපාඩු තිබුණ ද එම ගීතයට සාධාරණත්වයක් ගැයුමෙන් රැඟුමෙන් දෙකෙන්ම සිදුව තිබේ. Kuthu සංගීත ආභාසයක් ඇති මෙම ගීතය ජව සම්පන්න මුහුණුවරකින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරා ගැනීමට සමත් වූ ගීතයකි.

ඕනෑම චිත්‍රපටයක මෙවැනි ජවසම්පන්න ගීතයක් දක්නට ලැබෙන්නේ ද චිත්‍රපටයට රසිකයන් ප්‍රමාණයක් ඈඳා ගැනීමට ය. අද ලෝකයේ තරුණ තරුණියන් බොහෝමයක් වුවද සොයන්නේ ඇඟ නැටවෙන දිව පෙරළෙන ගීත හෙයින් Naatu Naatuපේ කාලයේ හොඳ නිර්මාණයක් ලෙස පිළිගත හැකිය.

BBC
BQ Prime

ඉතින් පුහු ආටෝප සහ තම මතය පමණක් හරි යන මතයෙන් මිදී දක්ෂතාවයට යම් ඇගයීමක් ලබා දීමට එක්වෙමු!

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan