ඩොලරය ගැන අනාවැකියක්!

Date:

වර්තමානයේ, ඩොලරයට සාපේක්ෂව රුපියල 299 මට්ටමට පහත වැටී ඇත. නමුත්, ඉදිරියේදී රුපියල තවදුරටත් ශක්තිමත් වී එය 250 – 260 තත්ත්වයට පත්විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා අනාවැකි පල කරයි.

ඔහු පවසන්නේ, ඉදිරි කාලයේදී ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත වීම මෙන්ම විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම නිසා ද අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩිවීම නිසා රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බවයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ලැබුණු ණය හා ප්‍රදාන හේතුවෙන්ද රුපියල ශක්තිමත් වීමට තවත් හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

තවද, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ විදේශ ණය ගෙවීම නවතා ඇති පසුබිමක බව අමතක නොකළ යුතු යැයිද මහාචාර්යවරයා ප්වසයි.

කෙසේ හෝ ඉදිරියේදී රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වී රටින් යන ප්‍රමාණය ඉහළ ගියහොත් සියල්ල උඩු යටිකුරු වනු ඇති බවටද අතුකෝරාල මහතා අනතුරු අඟවා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...