ලංකාව අහිමි කර ගත් “අමූ” ලංකාවට එරෙහිව එංගලන්තයෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 26, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ක්‍රිකට් කෙරෙහි මේ වන විට පරිපාලනය විශාල අවධානයක් යොමු කරමින් කටයුතු කරයි.ඒ අතර අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීම කෙරෙහි යොමු කරන අවධානය ඉතා වැදගත්ය.බංගලාදේශයේ පැවති තුන් කොන් තරගාවලියේ දී සූරතාවය දිනූ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම මේ වන විට සිය මව්බිමේදී ම එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට සූදානම් වෙමින් සිටියි.


මෙම වැදගත් තරගාවලියේ දී හ්‍රී ලංකාවේ විශ්වසනීය රැකවරණය අහිමිවීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ දෙමළ ප්‍රජවගෙන් පැවත එන අමු යන සුරතල් නමින් හඳුන්වන අමුර්තා සුරෙන්කුමාර් ද එංගලන්තය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටීම වැදගත්ය.මේ මොහොතේ ශ්‍රී ලංකාව පාපන්දුවෙන් අහිමි කර ගත් මිනිසුන් යළිත් සිහ ධජය යටතට පොදි ගසමින් සිටින මොහොතක මේ අවස්ථාව අවධානයට ලක් විය යුතුම කාරණයකි.

අමුර්තා සමඟ ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ සාමාජිකාවො ගුවන් තොටුපළින් පිටත් වූ අයුරු


මේ තරගාවලියේ දී විශිෂ්ඨ ක්‍රිකට් මෙන්ම කාන්තා ක්‍රිකට් සංස්කෘතියක් ඇති එංගලන්තය සහ ඔස්ටේල්යාවට මුහුණ දෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බංගලාදේශයට එරෙහිව තුන් කොන් සූරතාවය දිනා ගනිද්දී නායකත්වය දැරූ මනුදි නානායක්කාරටම පැවරී ඇත.මෙවර ඔවුන් සතුව සිටින පළපුරුදු ක්‍රිඩිකාව විහ්මි ගුණරත්නගේ සේවය ජාතික කණ්ඩායමට හිමිවිම නිසා නොලැබෙන්නේ නමුදු අවුරුදු 19 න් පහළ කණ්ඩායම ශක්තිමත් සහ අභියෝගවලට මුහුණ දීමේ විශාල හැකියාවක් ඇති කණ්ඩායමක් බව බංගලාදේශ සංචාරයේදී ද ඔප්පු කර පෙන්වා ඇත.


ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු මෙම තුන්කොන් තරගාවලියේ දී විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මාධ්‍ය වෙත නිකුතු කළ ආකාරයෙන්ම මෙහි දක්වා ඇත.එංගලන්ත කණ්ඩායම් සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවන් ද ඡායාරූපයේ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...