*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කතරෙන් ලාංකේය නෙට්බෝලයට ලැබුණු සිසිල

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 26, කොළඹ (LNW):ශ්‍රී ලයන්ස් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා හැකියාවන්ට ඉඩ දීම සඳහා සහ ප්‍රජා සත්කාර සේවාවන් සඳහා ලියාපදිංචිව සිටින ආයතනයකි.එයට නායකත්වය දෙන ආචාර්ය කැළුම් සුජිත් ගේ මඟ පෙන්වීමෙන් ලංාකේය පොළව තුළ ආසියාවේ දක්ෂතම නෙට්බෝල් ක්‍රිඩිකාවන් සිටින රටේ ජාත්‍යන්තර ක්‍රීඩිකාවන්ද කැඳවන නෙට්බෝල් ලීග් සූරාතවලියක් සංවිධානය කරන්නට යෙදිණි.එහිදී මැලේසියානු ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ද සහිතව තරග වැදුණු ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ රාජ්‍ය සේවා කණ්ඩායම අවසාන තරගයට තැග වැදුණු අතර තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම් හය අතරෙන් වඩාත් සුදුස්සන් අවසාන තරගයට පිවිසි බව පසක් කරමින් ඉතාමත් තියුණු සටනකින් පසුව රාජ්‍ය සේවා කණ්ඩායම සූරකාවය දිනා ගත්තේ ලකුණු 44 – 43 ක් ලෙස ය.


අවසාන වටය වන විට අවස්ථා දෙකකදීම රාජ්‍ය සේවා කණ්ඩායම අභිබවා ශ්‍රී ලයන්ස් කණ්ඩායම පෙරමුණට ආවත්,ඔවුන්ගේ බහුතර තරුණ ජවය අභිබවා රාජ්‍ය සේවා කණ්ඩායමේ අත්දැකිම් පෙරමුණට පැමිණියේය.නායිකා චතුරංගි ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තිත තබා අවසන් වුව ද,ඇය තවමත් ඉතාමත් ඉහළ දක්ෂතා සමඟ සිටින බව මෙම තරගයේදී පැහැදිළි කළාය.එසේම ක්‍රීඩිකාවක් ඉවත් කරන තුරු නොසිට ඉතා හොඳ මට්ටමේ දී ම තමන් සම්බන්ධයෙන් විශ්‍රාම තීරණය ගත යුතු බවට මෙහිදී චතුරංගි ආදර්ශයෙන්ම පැහැදිළි කළාය.ඇය තරගාවලියේ අති දක්ෂ ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලබමින් එක්සක් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන නෙට්බෝල් ලීග් තරගාවලියට සියළු පහසුකම් සමඟින් සහභාගි වීමේ වරම් දිනා ගත්තාය.


එසේම නෙට්බෝල් දේශපාලනය විසින් මීට වසර ගණනකට පෙර ජාතික කණ්ඩායමට ක්‍රිඩා කිරීමෙන් ඈත් කළ අකිලා ජයවර්ධන ද,එදා ගත් තීරණය වැරදි බව මේ තරගයේ දී වසර ගණනකට පසුවද පැහැදිළි කරන දක්ෂතාවයන්ගෙන් යුතුව තරග වඳිමින් අවසන් තරගයේ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව වූවා ය.එළැඹෙන තරග වාරයේ දී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ විට අකිලා සහ චතුරංගි ප්‍රතිවාදීන්ට නොසෙල්විය හැකි දැලක් බඳිනු සැක නැත.


ශ්‍රී ලයන්ස් දැල ආවරණය කරන්න බැරි විඳුම් හැකියාවක් පෙන්නූ දුලංගි ධනංජි ඉතා පහසුවෙන් ලකුණු ලබා ගත් අතර ඇය අවසන් තරගයේ දක්ෂතම දැල විඳින්නය වූවාය.දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාවගේ සම්මානය අනාගතයට වැදගත් ක්‍රීඩිකාවක වන තරුෂි පෙරේරා දිනා ගත්තාය.අවසන් තරගය සම්පූර්ණයෙන්ම පාහේ රාජ්‍ය සේවා කණ්ඩායම අතර මනා කළමණාකාරීත්වයකින් පාලනයට ගන්නට පෙරමුණ ගත්තෝ වූයේ තිළිණි වත්තේගෙදර සහ චතුරංගි ජයසූරිය ය.ඉතා වේගයෙන් පන්දුවට යොමු වෙමින් ජව සම්පන්න ක්‍රීඩා රටාවක් විඳහා පෑ තිළිණි ඒ අතරින් අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සේ ඇගයීම් ලද්දාය.
වර්ථමානයේත් නෙට්බෝල් පරිපාලනයට සම්බන්ධ පෙර හිටපු සභාපතිණියන් වන ට්‍රික්සි නානායක්කාර සහ තමාරා ධර්මකීර්ති ද මේ අපූර්ව තරගාවලියේ අවසානය දැසින් දැකීමට පැමිණ සිටියහ.එසේම ප්‍රවීනයන් වන ඔලිවීයා ගමගේ,යැස්මින් ධර්මරත්න වැන්නෝද එක්ව සිටියහ.ජය සංඛේත ප්‍රදානයට ක්‍රීඩා සංවර්ධන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු,ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ ප්‍රධානී ආචාර්ය හර්ෂ අලස් මෙන්ම ලුම්බිණි විද්‍යාලීය විදුහල්පති සරත් ගුණතිලක වැන්නෝ එක් වූහ.එසේම මේ අලුත් ව්‍යායාමයට ඔවුන්ගේ හද පිරි ආශිර්වාදය ද එකතු විය.


තිලකා ජිනදාස මේ තරගාවලියට දුන් දායකත්වය ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට සීමා නොවුණු පැතිරි එකක් විය.නමින් නම නොකිවාට මේ ව්‍යායාමයේ ශ්‍රී ලයන්ස් සමඟ එකතු වූ නෙට්බෝල් දැවන්තයෝ විශාල පිරිසක් උන්හ.එය හෙටට අදට වඩා වටිනාකමක් ලාංකේය නේට්බෝලයට තිළිණ කරන අපූරු වැඩ සටහනක් වනු ඇත.ලක්බිම කාර්ගෝ පිරිනැමූ සූරතා කුසලාන මෙන්ම ක්‍රීඩිකාවන්ගේ ගෙල පැළන්දූ අපූර්ව පදක්කම් ද මේ තරගාවලියට දුන් ප්‍රභූ හැඩය වචනවලට නැඟිය නොහැකි තරම් අලංකාර විණි.
මේ තරගාවලියෙන් විශාල ඉඩක් තමන්ගේ සඅපිරිකමට එළැඹීටම යොදා ගත් මාල දිවයින මෙට්රික්ස් කණ්ඩායම තරගාවලියේ තුන්වන තැන දිනා ගනිමින් පෙන්නුම් කළේ දකුණු ආසියාව තුළ නෙට්බෝල් හී පිබිදීමය.එය කලකට ඉහත ලංකාවෙන් පාපන්දුව පැහැපත් කර ගත් අද ලංකාවට වඩා පියවර ගණනක් ඉදිරියට ගොස් සිටින මාල දිවයින පාපන්දුව සිහියට නැං වූ එකකි.එම කණ්ඩායමට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙක් පමණ ක්‍රීඩා කළ අතර ඔවුන් සමස්ත තරගාවලියේ තෙවැන්නෝ වූහ.
එළැඹෙන වසරේ මීටත් වඩා ශ්‍රී ලංකාවේ සහය හැම අතින්ම ලැබෙන ලංකාවේ පළමු පෙළ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ දක්ෂයන් ද එකතු වූ නෙට්බෝල් ජාත්‍යන්තර ආරාධිත තරගාවලියක් සම්බන්ධයෙන් සැබෑ වීමට බොහෝ සාක්ෂි සාධක සහිත අපූර්ව ලීග් තරගාවලියක නිමාවේ ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකාවේ නෙට්බෝලයේ ඉදිරි ගමණට රුකුල් දිය හැකි සොඳුරු හිතවතෙකු බව පසක් කරමින් අභිමානවත් ආකාරයේ නිමාවකට තරගාවලිය සමීප විය.


ඇතැම් කරුණුවලදී ලංකාවේ පොළවේ අත්දැකීම් අවශෝෂණය කරගෙන නොතිබි බවක් පැහැදිළි විය.එසේම අවසාන මොහොතේ වැසි දිය ශාන්ත ජෝෂප් ගෘහස්ත ක්‍ර1ීඩා පිටියට පතිත විය.එහෙත් එම මොහොතේ සියලුම් සංවිධායකයන් පමණක් නොව විනිසුරුවරු ද ලොකු කුඩා බේදයකින් තොරව තරගය පැවත්වීමට හැකි අන්දමට පිටිය සකසා ගන්නට ශාන්ත ජෝෂප් සේවකයින් සමඟ දැක් වූ වෙහෙසද පොකුරුක වැඩ අකුරට හරියටම සිඳු වෙන්නට බල පෑ සාර්ථකත්වයේ පණිවිඩයක් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan