*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

සජබ රජයක් යටතේ වර්ගීකරණයකින් තොරව සෑම පාසල් දරුවෙකුටම දිවා ආහාරය දෙනවා – සජිත් (VIDEO)

පාසල් දූදරුවන් ශක්තිමත් කිරීමට එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නත් අද දිවා ආහාරය ප්‍රාථමික සිසුන්ට පමණක් ලබා දෙන්න රජය කටයුතු කර ඇති බවත් එය ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක් බවත් එකම පාසලේ දරුවන් දෙකට බෙදීම සහ වර්ගීකරණය කිරීම සිදු නොකළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි වර්ගීකරණයක් සිදු නොකර සෑම දරුවකුටම දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 134 වැනි අදියර යටතේ හම්බන්තොට තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

මගේ සිහිනය අපේ රටේ දරුවන් මයික්‍රසොෆ්ට් එකේ වැඩ කරනවා දැකීමයි

තමාගේ සිහිනය වන්නේ මෙරට දරුවන් කවදාහෝ මයික්‍රසොෆ්ට් ආයතනයේ සේවය කරනු දැකීම බවත් අපේ රට මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට පත් කිරීමේ සිහිනයක් ද ඇති බවත් ඒ සඳහා ඉංග්‍රීසි මෙන්ම තොරතුරු තාක්ෂණ පරිගණක දැනුම අවශ්‍ය බවත් සිංහල පමණයි දමිළ පමණයි කියා සිටීමෙන් ඒ සිහිනය කරා යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ පත් කරන පාලකයන් නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා නොදීම නිසා නව දැනුමෙන් දරුවන් සන්නද්ධ නොවූ බවත් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 86 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 134ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1348ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan