බහරේනය හරි තැනට එයි

ඕමානයේ පැවත්වෙන ගල්ෆ් කෝපරේෂන් කුසලානය සඳහා වන 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදි මුල් තරගවලදී යම් අසාර්ථකභාවයක් පෙන්වූ බහරේන් කාන්තා කණ්ඩායම මුල් තරග කිහිපයේ අසාර්ථක වුව ත්,සවුදි අරාබි කණ්ඩායමට එරෙහින ලෝක වාර්තාවලින් පිරි ජයග්‍රහණයක් ලැබිමෙන් නිවැරදි රිද්මයට පැමිණි ඇති බවක් පෙනෙන්නට ඇත.සංචිතයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හය දෙනෙක් සිටින බහරේන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (මාර්තු 25) කුවේට් හා පැවිත තරගයද ජය ගත්තේ කඩුලු හයකින්ය.ඒ පන්දු 8 ක් ඉතිරව තිබියදී කුවේට් කණ්ඩායම ලබා ගත් ලකුණු 126 පසු කරමින්ය.

කාසියේ වාසියෙන් පසුව පළමුව පන්දුවට පහර දුන් කුවේට් කණ්ඩායම ලකුණු 125 ක් ලබා ගත්තේය.එහිදී බහරේනය වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ මද වේග පන්දු යවන්නිය වන සචිනි ජයසිංහ සමත් වූවාය.කුවේට් කණ්ඩායම වෙනුවෙන් මේරියම් ඔමාර් පන්දු 47 දී ලකුණු 54 ක් රැස් කරන්නට සමත් වූවාය.

පිළිතුරු ඉණිමට පැමිණි බහරේන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස රසිකා රොද්‍රිගෝ ලකුණු පූවරුව 21 ව තිබියදී දැවී ගියාය.බන් අනතුරුව සවුදි අරාබියට එරෙහිව කඩුල්ලක් වෙනුවෙන් තැබූ ලොව හොඳම කඩුලු සබදතාවයේ වාර්තාවට හිමිකම් කියූ නායිකා තරංගා ගජනායක සහ දීපිකා රසාංගිකා යළිත් විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නඟමින් ලකුණු 63 ක් එක් කළහ.රසාංගිකා ලකුණු 37 ට දැවී ගිය පසු කණ්ඩායම සැළසුම් සහගතව ජයග්‍රහණය කරා රැගෙන යන්නට වඩාත් පරිස්සමට බර වූ ඉණිමකට පිවිසි තරංගා නායිකාවගේ වගකීම ඉටු කරමින් නොදැවී පිටියේ රැඳෙමින් කණ්ඩායම ජයග්‍රහණයට රැගෙන යන්නට කටයුතු කළාය.තරගයේ 19 වන ඕවරයේ සිව්වැනි පන්දුවේදී බහරේන ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 127 ක් බවට පත්වෙද්දී තරංගාගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 54 ක් ව තිබුණාය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...