ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැහැ.දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද? (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව හරහා අවධාරණය කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

202 වසරේ නොවැම්බරයේ සිටම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ආණ්ඩුවට යෝජනා කරමින් සිටි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙහිදී හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමරස්වාමී මහතා පවසා තිබුණේ කිසිවිටෙකත් දේශීය ණය ප්‍රතුව්‍යුහගත කිරීමට එකඟ නොවන ලෙසත් එසේ වුවහොත් එහි බලපෑම එල්ල වන්නේ සේවක අර්ථ සාධක අරමුදලට බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

දේශීය ණය වැඩි වශයෙන් ඇත්තේ අර්ථ සාධක අරමුදල හරහා වන බවත් එයට අත තැබීම රටේ වැඩ කරන ජනතාවගේ මුදල් වලට අත තැබීමක් බවක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

එම නිසා රජයට සිදුවන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ජා ආරම්භ කිරීමට බව හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...