රිය අනතුරින් දින 8කට පසු දරු තිදෙනා තනිකර දමා ඇයත් යන්නම යයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ (LNW):

පසුගිය 18 වනදා මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

සසිතා නිලන්ති වන ඇයගේ වියෝවෙන් පුංචි දරු පැටව් තිදෙනා තනිව ඇති අතර, ඒ අනුව මෙම මාරක අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් ඇත.

තම කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා ඇතුළු 7 දෙනෙකු ගමන් ගත් වෑන් රථය ලොරියක ගැටී අනතුරට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීය.

එහිදී, අනතුර සිදුවු අවස්ථාවේ දීම ගුනේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්වූ අතර, පසුව වෑන් රථයේ රියදුරු ලෙස ගමන් ගත් ඔහුගේ ඥාති සහෝදරයා වන බිරිඳගේ මල්ලි ද ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

46 හැවිරිදි ගුනේන්ද්‍ර ගයන්ත මහතා ආදරණීය තිදරු පියෙකි. අනතුර සිදුව තිබුණේ, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් බව පොලීසිය විසින් අනාවරණය කර ඇත. විශ්වවිද්‍යාල සිසු දරුවන් දහස් ගණනකගේ නැණස පාදා ඇති ආචාර්ය ගයන්ත මහතාගේ වියෝව කැලණිය සරසවියට මෙන්ම මුළු මහත් ජාතියටම සිදුවු පියවිය නොහැකි මහත් පාඩුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...