එජාප කාර්යාලයකට අත් බෝම්බ ප්‍රහාරයක් ?

0
475

කඩවත ඇල්දෙනියේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලය පරිශ්‍රයෙන් ආරක්ෂිත අගුල ගැලවූ අත්බෝම්බයක් ඊයේ (26) හමුවී තිබේ.

විදෙස් රටක නිෂ්පාදිත එම අත් බෝම්බයේ කොපුව එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඇති මාර්ගයේ තිබී හමුවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් මෙම අත්බෝම්බය එම පක්ෂ කාර්යාලයට දමා ගසන්නට ඇතැයි සැලකෙන අතර සිදු වීමට ගිය විනාශයක් බෝම්බය පිපිරී නොයාම නිසා වැළකී ඇති බවත් පොලීසිය පවසයි.

මීට දේශපාලන පළිගැනීමක් මුල් වී ඇතැයි පොලිසිය සැක පහළ කරන අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN