ඇමතිකම අතාරින්න සූදානම් – නාමල් රාජපක්ෂ

0
885

අවශ්‍ය නම් සිය ඇමති ධුරය අතහැරීමට හෝ තමා සූදානම් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇමති මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය හමුවේ කැබිනට් ඇමති තනතුරු ප්‍රමාණය අවම කිරීමට ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර තිබිණි.

නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ යෝජනාව ඉදිරිපත් කරන ශ්‍රීලනිපයම සිය කැබිනට් තනතුරුවලින් ඉල්ලා අස් වී සෙසු ඇමතිවරුන්ටද ආදර්ශයක් ලබාදිය යුතු බවයි. එසේ වුවහොත් පොහොට්ටුවේ ආදර්ශය දීමට තමා සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here