පුටින්ටත් බලය අහිමි වෙන දවසක් එනවා – බයිඩන් පෝලන්තයේදී කියයි

Date:

නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යුරෝපයට පැමිණි, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පෝලන්තය වෙත පැමිණියේය. ඔහු පෝලන්ත – යුක්රේන දේශසීමාවේ රැඳී සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමටද කටයුතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

බයිඩන් ජනාධිපතිවරයා පෝලනේතයේ අගනුවර වන වෝර්සෝහිදී යුක්රේන අමාත්‍යවරුන් පිරිසක්ද හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා යුක්රේන විදේශ අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා සහභාගි වී තිබේ.

මීට අමතරව යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පළා ආ යුක්රේන සරණාගතයන් පිරිසක් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමටද බයිඩන් කටයුතු කර තිබේ.

පෝලන්තයේදී පැවති සාකච්ඡාවලදී ඔහු පවසා තිබෙන්නේ පුටින්ට සැමදා බලයේ සිටිය නොහැකි බවයි. ඔහුටද බලය අහිමි වන දවසක් පැමිණෙන බවත්, ඉන්පසු ඔහු සිදු කරන යුද අපරාධවලට වන්දි ගෙවීමට සිදුවන බවත් බයිඩන් සඳහන් කරනවා. රුසියාව මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවටද එක්සත් ජනපද නායකයා චෝදනා කරනවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පවතින යුද ගැටුම් මාස කිහිපයක් තුළ අවසන් වෙතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.

බයිඩන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනය පවසා තිබෙන්නේ පුටින් බලයේ සිටිනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා නොව රුසියානු ජනතාව විසින් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...