එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම අප්‍රේල් 30 සිට – කාඩ්පත අනිවාර්ය පොදු ස්ථාන ලැයිස්තුව ඉදිරියේදී

Date:

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා 03 ම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් සඳහා නිකුත් කරන එන්නත් කාඩ්පත, පොදු ස්ථානවලට ඇතුළුවීමේදී අනිවාර්ය කිරීම ලබන අප්‍රේල් 30 වැනිදා සිට බලපැවැත්වේ.

මීට පෙර මෙම එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ දැරූ නමුත් එය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.

එන්නත් කාඩ්පත අනිවාර්ය වන පොතු ස්ථාන ඇතුළත් ලැයිස්තුවක් ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මේ වනවිට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 14.4 ක් වන නමුත් තෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ප්‍රමාණය මිලියන 7.7 කි. කොවිඩ් අවදානම ක්‍රමයෙන් පහව යාමත් සමග බොහෝදෙනා තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන බවයි සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

කෙසේ නමුත් තවමත් අවදානම පහව ගොස් නොමැති නිසා තෙවැනි මාත්‍රාව හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අලුත් අවුරුදු උත්සව සමයට පෙර සති දෙකක කාලය තුළ එම එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසත්, තෙවැනි මාත්‍රාවද ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වන පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කිසිදු බාධාවක් සිදු නොවනු ඇති බවත් එම ඒ්කකය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...