ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් කරලා තියෙන හරිය!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට රියදුරන් සහ කොන්දොස්තරවරුන් ලෙස සේවයට එක් වූ ඇතැමුන් පත්වීම පසෙකලා වෙනත් රාජකාරී කිරීම හේතුවෙන් නිසි ලෙස ලංගම බස් ධාවනය කිරීමට නොහැකි වී තිබෙන බව මේ වන විට අනාවරණය වී තිබේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසුවේ රියදුරන් හා කොන්දොස්තරවරුන් ලෙස ලංගමයට එක් වී වෙනත් රාජකාරීවල නිරත වන 1640 දෙනෙකු සිටින බවයි.

ඔවුන් අනිවාර්යෙන්ම අදාළ සේවාවේ යෙදවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

ඒ අනුව රියදුරන් ලෙස සේවයට එක්වී ලංගම වෙනත් රාජකාරී සිදුකරන පුද්ගලයින් 333ක් සිටින අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වන ලෙස වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව දින තුනක පුහුණුවක් දී නැවත රියදුරු සේවයේම පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර කොන්දොස්තරවරුන් ලෙස සේවයට එක් වී ලංගම වෙනත් රාජකාරී සිදුකරන පුද්ගලයින් එක්දහස් තුන්සීයකට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් සියලු දෙනාම නැවත පත්වීම තිබෙන රැකියාවට වාර්තා කළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේ.

මෙම තීරණය අනුව රට පුරා තිබෙන ඩිපෝ 107 හි රියදුරු සහ කොන්දොස්තර හිඟයට යම් විසඳුමක් ලැබෙනු ඇති බව එම කමිටු රැස්වීමේදී අවධාරණය වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිත අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර...

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...