අගමැතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද මෙම සැමරුම් උත්සවයට එක්වූවාය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට 2022 වර්ෂයට වසර 50ක් ගත වීමද විශේෂත්වයකි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන,අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,එස්.බී. දිසානායක,ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහත්වරු ඇතුළු විදේශීය තානාපතිවරු,මහ කොමසාරිස්වරු,රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...