අගෝස්තුවෙන් පසු මිලදී ගන්න වෙන්නේ සහල් හුණ්ඩුවේ සැෂේ පැකට් ! – නිෂ්පාදකයින් අනතුරු හඟවයි

Date:

නාඩු, සුදු කැකුළු සහ රතු කැකුළු දේශීය සහල් කිලෝවක මිල මේ වනවිටත් රුපියල් 200 සීමාවට පැමිණ ඇති බවත් ලබන අගෝස්තු මාසයෙන් පසු ජනතාව මිලදී ගැනීමට සිදුවනු ඇත්තේ කිලෝ 5 – 10 සහල් පැකට් නොව සහල් හුණ්ඩුවේ සැෂේ පැකට් බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.

“මේ අපේ ශ්‍රී ලංකාව අද ලෝකයේ අනෙක් රටවල්වලින් හාල් හිඟාකන ජාතියක් බවට පත්වෙලා තියෙනවා. කාබනික ගොවිතැන පිළිබඳ උන්මාදය නිසා තමයි අද රටේ මේ සහල් අර්බුදයක් උද්ගත වෙලා තියෙන්නෙ. සිංහල අවුරුද්දට තව සති දෙකයි. මේ වෙද්දී දේශීය සහල් නාඩු, සුදු කැකුළු, රතු කැකුළු රුපියල් 200 සීමාවට ළංවෙලා තියෙනවා. ඇතැම් ඒවා මේ වෙද්දී 200 ඉක්මවලා මේ වෙද්දී සහල් අලෙවි වෙන්න ආරම්භ කරලා තියෙනවා. කීරිසම්බා සහල් කිලෝවක මිල මේ වෙද්දී රුපියල් 300 සීමාවට ළංවෙමින් තියෙනවා. ජනවාරි මුල වෙද්දී අපි හෙළිදරව්වක් කළා සිංහල අවුරුද්ද වෙද්දී සහල් කිලෝවක මිල රුපියල් 300 සීමාවට එන්න පුළුවන් කියලා. අපි වෙළඳ ඇමතිවරයාගෙන් අහනවා දැන් සනීපද කියලා. පොදුවේ ගත්තායින් පස්සෙ ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගෙන් 95%ක් මේ වෙද්දී අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඉදිර්යේදී හාල් පෝලිමුත් දක්නට ලැබේවි. අගෝස්තුවලින් පස්සේ මිලට ගන්න වෙන්නෙ සහල් කිලෝ 5 – 10 පැකට් නෙවෙයි, මේ වගේ හාල් හුණ්ඩුවේ සැෂේ පැකට් ගන්න වෙන්නෙ. මහින්දානන්ද ඇමතිවරයාගෙන් අපි අහනවා ලංකාවට වඩා 25%ක් වැඩියෙන් රසායනික පොහොර භාවිතා කරන ඉන්දියාවෙ හාල් අනුභව කළාම වකුගඩු දෙකට මොකුත් වෙන්නෙ නැද්ද ? චීනය ගත්තොත් ලංකාව වගේ 200%ක් රසායනික පොහොර භාවිතා කරනවා”

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...