මිනිස්සු පෝලිමේ ඉන්නවා තමයි, ඒත් ඉන්ධන හිගයක් නෑ – ඛනිජ තෙල් සභාපති

Date:

බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණද රටතුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. පෝලිම් ඇතිවීමට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර ගැනීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බවත් තවත් දින කිහිපයක් තුළදී ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ඉන්ධන පෝලිම් ඇතිවීමට තවත් හේතුවක් වී ඇත්තේ IOC ඉන්ධන මිල වැඩිවීමයි. මේ නිසා IOC පාරිභෝගිකයන්ද තෙල් සංස්ථාවේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන බවද සුමිත් විජේසිංහ මහතා පවසනවා.

ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහාත් විදුලි නිෂ්පාදන කටයුතු සඳහාත් අවශ්‍ය ඉන්ධන තොග රටතුළ තිබෙන බැවින් අනවශ්‍ය පරිදි ඉන්ධන රැස්කර තබා ගැනීමෙන් වැළකී සිටින්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...