මියන්මාර භූ කම්පනය:හානිය දැවැන්තයි.බැංකොක්හි කඩා වැටුණු ගොඩනැගිල්ලේ සේවකයින් 70ක් අතුරුදහන්

Date:

කොළඹ LNW:මියන්මාරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.7 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් විශාල හානියක් සිදුව ඇති බව ගලවා ගැනීමේ සේවකයින් මාධ්‍යයට පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හානිය දැවැන්ත බවත් සිය ගණනක් මිය ගොස් ඇති බවට පුරෝකථනය කරන බවයි.

එම භූ කම්පනය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවරටද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අතර එහි ඉදිවෙමින් පැවති උස් ගොඩනැගිල්ලක්ද කඩ වැටී ඇති අතර එහි සේවය කළ 70ක පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගත් අතර පළමු කම්පනයෙන් මිනිත්තු 12කට පසුදෙවන කම්පනය හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.4ක් ලෙස වාර්තා වී ඇත. එහි කේන්ද්‍රය සගායිං සිට කිලෝමීටර් 18 (සැතපුම් 11.1) ක් දකුණින් පිහිටා ඇත.

මැන්ඩලේ යනු මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික අගනුවර වෙන අතර මිලියන 1.5ක පමණ ජනතාවක් එහි වාසය කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම නගරය ප්‍රධාන සැපයුම් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලන මියන්මාරයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනයේ දේශසීමාවට යන ප්‍රධාන වෙළෙඳ මාර්ගය ද එය අවසානයේ පිහිටා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මැන්ඩලේ නගරයේ ඇතැම් මාර්ග ඉරිතලා ගොස් ඇති බවය.

2021 කුමන්ත්‍රණයකින් හමුදා ජුන්ටාවක් පාලන බලය අත්පත් කරගැනීමේ සිට මියන්මාරය දේශපාලන කැලඹීමකට පවත්වා තිබේ අතර රජය විසින් දේශීය ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ මාර්ගගත මාධ්‍ය සියල්ලම පාහේ පාලනය කර තිබෙන නිසා තොරතුරු වෙත ප්‍රවේශ වීමද දුෂ්කර වී ඇති බව දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...