සටහන – පුලී
නොවැම්බර් 21, LNW (කොළඹ): ලෝකයම බලාගෙන සිටි Grand Theft Auto 6 (GTA 6) වීඩියෝ ක්‍රීඩාව නිකුත් වීමත් සමඟ Gaming ලෝකයේ දැවැන්ත උන්මාදයක් ඇතිවී තිබුණත්, එක්සත් රාජධානියේ Leicester නගරයේ කුඩා වීඩියෝ ක්‍රීඩා වෙළෙඳසලක කතාව නම් ඊට හාත්පසින්ම වෙනස්! ලොව පුරා මිලියන ගණනක් ක්‍රීඩකයන් GTA 6 මිලදී ගැනීමට උනන්දු වෙද්දී, Super Game Shack නම් වෙළෙඳසලේ හිමිකරු රිචඩ් ටෙව්ක්ස්බරි පවසන්නේ තමන්ට මේ දැවැන්ත Game එකෙන් අලෙවි කරගැනීමට හැකිවී ඇත්තේ පිටපත් පහක් පමණක් බවයි. ලෝකයම GTA 6 උණෙන් දැවෙද්දී තමන්ගේ වෙළෙඳසලට නම් ඒ උණ බෝවී නැති බවයි ඔහුගේ කතාවෙන් පෙනෙන්නේ!
මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ GTA 6 සාම්ප්‍රදායික Disc ආකාරයෙන් අලෙවි නොකර ඩිජිටල් Download ක්‍රමයට නිකුත් කිරීමයි. සාමාන්‍යයෙන් Game Disc එකක් මිලදී ගැනීමට පුරුදුව සිටි ක්‍රීඩකයන්ට දැන් ඩිජිටල් ක්‍රමයට Game එක Download කරගැනීමට සිදුව තිබෙනවා. එමෙන්ම වෙළෙඳසල්වල අලෙවි කිරීමට තිබූ පෙට්ටි තුළ පවා සාම්ප්‍රදායික Disc වෙනුවට ඩිජිටල් Download කේතයක් ලබාදීම කුඩා වෙළෙඳසල්වල අලෙවියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි රිචඩ් පෙන්වා දෙන්නේ.
“මේ Game එකට මිනිස්සු ඉන්නේ පුදුම උනන්දුවකින්. ලෝකය පුරා දැවැන්ත අලෙවියක් සිදුවෙනවා. නමුත් ඒ උනන්දුව අපේ වෙළෙඳසලේ අලෙවියට නම් පරිවර්තනය වෙලා නැහැ. පෙට්ටියක් ඇතුළේ Download Code එකක් විකුණනවාට වඩා මිනිස්සු කැමති නැහැ. Disc නැති නිසා Game Shops සඳහා මේක පාඩුවක්” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
කෙසේ වෙතත් GTA 6 ක්‍රීඩාව පිළිබඳව තමන්ට කිසිදු විවේචනයක් නොමැති බවත්, එය විශිෂ්ට Game එකක් බවත් රිචඩ් පවසනවා. ඔහුගේ විවේචනය එල්ල වන්නේ Game එකට නොව එය අලෙවි කරන ක්රමවේදයටයි. විශේෂයෙන්ම විශාල Online වෙළෙඳපොළක් නොමැති කුඩා Game Shops සඳහා මෙවැනි තීරණ දැඩි අභියෝගයක් වී තිබෙනවා.
තවත් විශේෂත්වයක් වන්නේ GTA 6 නිකුත් කිරීම මුලින් සැලසුම් කර තිබූ 2025 සරත් සමයෙන් පසුව අවස්ථා දෙකකදී කල් දැමීමෙන් අනතුරුවයි අවසානයේ නිකුත් කර තිබෙන්නේ. වසර 13ක පමණ දිගු බලාසිටීමකින් පසු නිකුත් වූ මේ Game එක ලෝකයේ දැවැන්තම Entertainment Launch එකක් බවට පත්වීමත් සමඟ රසිකයන්ගේ උනන්දුව අතිවිශාල වී තිබෙනවා.
කොහොම වුණත් මේ සිදුවීමෙන් පෙනෙන්නේ Gaming ලෝකයත් වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින බවයි. ලෝකය පුරා මිලියන ගණනක් ක්‍රීඩකයන් GTA 6 Download කරද්දී, කුඩා Game Shop හිමිකරුවෙකුට නම් විකුණාගන්න ලැබිලා තියෙන්නේ කොපි පහක් විතරයි.

