ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW:

යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වාද විවාදයක් උත්සන්න වීම හේතුවෙන් ඊයේ (20) මෙම ගැටුම හටගත් බව පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් කැපුම් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...