ආනයනික බිත්තර මෙම සතිය තුළ වෙළඳපොළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකක දන්වන්නේ , ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර තොගය පරීක්ෂණ කටයුතු අවසන් කර මෙම සතිය තුළ මුදා හැරීමට අවශ්‍ය සහතික නිකුත් කළ හැකි බවයි.

ඉකුත් 24වනදා එම බිත්තර තොගයෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකය පවසන්නේ , ඒ සඳහා අවම දින 3ක කාලයක් ගත වන අතර එම වාර්තාව නිකුත් වීමෙන් පසු එහි ගැටලුවක් නොමැති නම් එම බිත්තර තොගය නිදහස් කිරීමට හැකියාව පවතින බවයි .

එමෙන්ම, සත්ත්ව නිරෝධායන ඒකකයද මෙම බිත්තර තොගයෙන් සාම්පල ලබා ගෙන තිබෙනවා. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාවද මෙම සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකය පවසයි .

මෙරටට ආනයනය කරන ලද එම බිත්තර තොගය මේ වන විට උෂ්ණත්ව පාලනය යටතේ කොළඹ වරායේ රඳවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...