ඥානසාර හිමිට අසනීපයි! බන්ධනාගාර රෝහලටත් මාරු කරලා,

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW): බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. ඒ වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී සිටින අතරතුරයි.

ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පැවසීය.

සද්ධාතිස්ස හිමියන් තවදුරටහ් පැවසූවේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බවයි.

“උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ. නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු කරන නිසා නීතියෙන් දෙන ඕනෑම දෙයක් අපි භාරගන්නවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...