විශ්ව රූ කිරුළ වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගය සඳහා ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බවයි.

ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජන තරගයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වූවාය.

මීට පෙර පසුගිය වසරේ බහරේන් රාජ්‍යයේ 19 හැවිරිදි ලුජානි යාකුබ් එල්සැල්වදෝර්හි පැවැති විශ්ව රූ රැජන තරගයට එක්වෙමින් එම වාර්තාව තැබු බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

තවද, ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජන, මැදපෙරදිග රූ රැජන, අරාබි ලොව රෑ රැජන සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...