ජාතික ආණ්ඩුවේ අගමැතිකම සජිත්ට දෙන්න – රනිල්ගෙන් ඉල්ලීමක් !

Date:

ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා යනු නිල බලයෙන්ම රටේ විපක්ෂ නායකවරයා නිසාත් ඔහුගේ කණ්ඩායම නොමැතිව ජාතික ආණ්ඩුවකට ඉදිරියට යෑමට අපහසු නිසාත් අග්‍රාමාත්‍ය ධුරය ඔහුට ලබාදීම වඩාත් සුදුසු බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වාදී ඇති බව සඳහන්.

විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවක් යනු හැකිතාක් පාර්ශ්ව ඊට එකතු කරගනිමින් පොදු එකඟතාවක් මත ක්‍රියාත්මක වන්නක් නිසා විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ධුර ගණනක් සහිත පක්ෂය වන සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය පැවරීම වඩාත් ඵලදායී වනු ඇතැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට මුල පටන් යෝජනා වී තිබුණ ද ඒ මහතා ඒ සම්බන්ධයෙන් කුරුමාණම් අල්ලමින් සිටියා විනා විශේෂ උත්සාහයකින් කටයුතු නොකළ බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඒ අනුව ජාතික ආණ්ඩු කතාව දැන් අලුත්ම පැත්තකට පෙරළෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...