HIV අසාදිතයින්ගේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක මාර්තු 29 , කොළඹ (LNW):

වර්තමානය වනවිට මෙරට තරුණ පිරිස අතර HIV අසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේදී අවුරුදු 15 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතරින් HIV අසාදිතයින්115ක් හඳුනාගෙන ඇති බව, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පැවසුවේය.

පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත HIV අසාදිතයින් සංඛ්‍යාව 824ක් වන අතර, ඒ අතරින් 718 ක්ම පිරිමි පුද්ගලයින් වේ. පසුගිය වසරේදී වාර්තා වූ ඒඩ්ස් මරණ ගණන 47කි. එම සංඛ්‍යාව 2023 වර්ෂය හා සැලකීමේදී 20% කින් පහළ යාමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බැවින් කඩිනමින් පරීක්‍ෂණ වෙත යොමුවන ලෙස,ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...