පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කණ්ඩායමක් අප්‍රේල් 21 ට පෙර හෙළිකිරීමට උත්සාහ කරනවා – ජනපති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට වගකිවයුත්තන් කණ්ඩායමක් පිළිබඳව ලබන අප්‍රේල් 21 වනදාට පෙර අනාවරණය කිරීමට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“වංචා දූෂණ පිළිබඳව පමණක් නෙවෙයි අපරාධ පිළිබඳ පවා, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා, පරීක්ෂණ ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. කරන්න ඕනෙ නැද්ද ? කරන්න ඕනෙ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (මාර්තු 30) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එළඹෙන අප්‍රේල් 21 වනදාට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී වසර හයක් සපිරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...