*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

හොඳම දේ අනාගත ලෝකයට !

‘ළමයි’ කියන සබ්ජෙක්ට් එක අල්ට්‍රා සෙන්සිටිව් සබ්ජෙක්ට් එකක්. අනාථ වෙන ළමයි , අනාථ වෙන්න නියමිත ළමයි, අසරණ දෙමාපියො මේ වගේ  එමෝශනල් කේස් පහුගිය දවස්වල ලංකාවෙ ලීඩින් නිව්ස් බවට පත් වුණා. ඔය කතාව නිසාම තමා baltimora මේ කතාව අද ලියන්නෙ. 

මොකද්ද මේ කතාව? තනි වචනෙන් කිව්වොත් මේක චැරිටි වැඩක් ගැන ස්ටෝරියක්.  ‘මසාකා’කියන්නෙ උගන්ඩාවෙ ගමක්. ඒ ගමේ නම මුල් කරගෙන තමා මේ වැඩේ සූනා හසන් කියන තරුණ කොල්ලා පටන් ගන්නෙ. අවුරුදු 2ත් 8ත් අතර අනාථ දරුවො රැක ගැනීමේ අරමුණෙන් හැදුණ වැඩක්. අනාථ ළමයි විසි පස්දෙනෙක් එක්ක තමා මේක පටන් ගන්නෙ. මේකෙ විශේෂ දේ තමයි මේ ළමයි එක්කහු කරලා මියුසිකල් ගෲප් එකක් හදනවා. ‘Masaka kids Aficana’ කියල යූටියුබ් සර්ච් කළොත් උන්ගෙ වැඩ-කිඩ සෙට් එකක්ම බලාගත්තැහැකි. අප්‍රිකානු රටවල ඉන්න අනාථ දරුවො වෙනුවෙන් මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මකයි. අපිට උනත් උන්ගෙ වෙබ් එකට ගිහින් මුදලක් ඩොනේට් කරන්න පුළුවන්. 

හයක් හතරක් දන්නැති පොඩි උන් අම්ම අප්පා නැතුව හෝ ඇතුව අනාථ වෙන අවස්ථා ගොඩක් තියෙනවා. දරුණු යුද්ධවලින්, වසංගතවලින්, දුප්පත්කම නිසා ඒ වගේම ලිංගික අතවරවලින්  වගේ හේතු මේවට තියෙනවා. එහෙම අනාථ වෙන තනිවෙන පොඩ්ඩන්ගෙ ඊළඟ මොහොත මොකක් වෙයිද? අපි දන්නවා ලංකාවෙ පරිවාස, අනාථ මඩං වගේ ඔප්ශන්ස් හැදිලා තියෙනවා. හැබැයි මේ තැන් බොහොමයක් අමු අපායවල්. මල් උයන් වගේ තැනුත් නැතුව නෙවේ. හැබැයි ගොඩක් තැන්වල ළමයට ඉන්ඩ හිටින්ඩ වහලක් දෙනවා මිසක් ඉන්ඩිවිජුවලි ළමයගෙ සක්සස් එක පස්සෙ එළවනවා අඩුයි. උන්ගෙ මෙන්ටල්, ස්පිරිචුවල් , ෆිසිකල් හෙල්ත් එක ගැන අවංකව බලන තැන් ඇත්තටම නැති තරං. මේ කොච්චර ගැටීම් – වැටීම් උනත් ලංකාව නිතර ඩිසාස්ටර්ස්වලට මුහුණදෙන රටක් නෙවේ. 

ඇෆ්‍රිකන් සෝන් එක ගැන දකිද්දි මෙහෙ මොන ඩිසාස්ටර්ස්ද බ්‍රෝ? ෆුල්නස්තාර් වෙලා යන බෝම්බයි, භූමිකම්පායි, ගිනි කඳුයි, මිසයිල වැසියි මේ ඔක්කම එක්ක ඔට්ටු වෙද්දි පවුලක සාමාජිකයො රැකෙනවා කියන්නෙ පට්ට අමාරු වැඩක්. ඒ නිසා මේ රටවල අනාථ ළමයි බිහිවෙන්නෙ රංචු පිටින්. සිවිල් යුද්ධ, දුප්පත්කම, අතවර  ඒකට හේතු වෙනවා. කැලේට කොලේට හැදෙන අයාලේ යන කොලු කෙළි පැටවුන්ව දෙමාපියො අතාරින්නෙ දූවිල්ලක් ගසලා-බසලා දානවා වගේ. උන්ට තියෙන ලොකුම හේතුව දුප්පත්කම. හයිටි රටේ  කිරි මැටිවලින් හදන රොටි කියන්නෙ දුප්පත්කම විසින් නිර්මාණය කරපු ෆුඩ් එකක්. මැටි ගිලලා බඩගින්න නිවා ගන්න මිනිස්සු ඉන්න රටක පොඩි උන් තනිවෙන එක අහන්ඩත් දෙයක්ද? 

මේ ව්‍යසනේ දරා ගන්ඩ බැරිම තැන තමයි උගන්ඩාවෙ සූනා හසන් චයිල්ඩ් සිකියො වැඩ පිළිවෙළක් හදන්නෙ. ඒකෙ නම ‘මසාකා කිඩ්ස්  ඇෆ්‍රිකානා’. ඒ නම දහපාරක් කියවල මතක තියාගත්ත වටිනවා. සූනා හසන් කියන්නෙත් වීදි දරුවෙක් විදියට උස් මහත් වෙච්ච හාදයෙක්. තමන් පොඩි කාලෙ ලබපු ඩාක් එක්ස්පීරියන්ස් නිසා තමා කොල්ලක්ට හිතෙන්නෙ මේ වැඩේ පටන් ගන්ඩ. 

ඉතින් ඒ අනාථ පොඩි එවුන් හිනාවෙනවා. සතුටින් නටනවා. ඉපිලෙනවා. හීනයක් දකින්න අරමුණක් ගැන හරි උන් දැනුවත්.  තමන් අනාථයො කියලා හැපි හැපි ඉන්න උන්ට වෙලාවක් නෑ. සතුටුවෙන්නම ඒ වෙලාව ගෙවිලා ඉවරයි. සූනා හසන්, කියන්නෙ ෆිසිකලි වගේම මෙන්ටලි , ස්පිරිචුවලි මේ ළමයින්ව ගොඩනගන එක ප්‍රධානම අරමුණ කියලා. ඉතිං තමන්ගෙ අනාථබව එක්ස්කියුස් එකක් කරගෙන යැපෙන මානසිකත්වයෙන් මේ දරුවො නිදහස්. උන් තමන්ගෙ දක්ෂකං අත්හදා බලනවා.  කොච්චර අප්ඩේට්ද කියනවානං ඊයෙ පෙරේදා නෙට්ෆිල්ක්ස් එකේ පොපියුලර් වෙච්ච ස්කුයිඩ් ගේම් සීරිස් එකේ ඩාන්සින් ඇක්ට් එකක් පවා උන් නිර්මාණය කරගෙන තියෙනවා. අනාථයො, අපතයො ගගා ගරහන් නැතුව ළමයි වෙනුවෙන් කරනවා නං මෙව්ව තමා වැඩ.  

ළමයින්ව මරන්නැතුව ටොයිලට් එහෙක හරි තියලා යන්නෙ අපි  උඹලා වගේ නොදන්නා මිනිස්සු දහස්ගානක් විශ්වාස කරලා කියලා හිතුවොත්?  සූනා හසන් කියන්නෙ එහෙම හිතපු මිනිහෙක්. බැරියර් නැතුව අත් දිගෑරපු මිනිහෙක්. මොළයක් නැතුව පොඩි උන් ආම්බාන් කරන්න බෑ. හොඳම දේ ළමයින්ට දෙනවා කියන්නෙ මෙන්න මේ වගේ දෙවිලිවලට !

BALTIMORA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan