*
Sunday, June 8, 2025
spot_img

Latest Posts

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ,අල් ෂිෆා රෝහලේ පුද්ගලයින් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් හේතුවෙන් අවතැන් ජනතාව දිගින් දිගටම මිය යමින් සිටින බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, පසුගිය දින 13ක කාලය පුරා එම රෝහල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් රෝහල තුළ රැදී සිටි අවතැන් ජනතාව හා රෝගීන් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඊශ්‍රායල ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට හමාස් සටන්කාමීන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවත්, පසුගිය ඔක්තෝම්බර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 32705ක් බවයි. තුවාල ලබා ඇති පිරිස 75000කට අධික බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan