*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පළාත් සභාව ගැන වෙනස් කියවීමක් …

සුද්දො එලවලා අපේ ස්වරාජ්‍ය පිහිටුවීමේ පුරෝගාමීන් වූ අනගාරික ධර්මපාලලා සුද්දොත් එක්කම මේකෙ සුළු ජනවර්ගත් එලවලා දාන අභ්‍යාසයක තමා හිටියෙ..

දමිලයන් වර්ගකරලා තිබ්බෙ ලංකාව අල්ලගන්ට ඉන්දියාවෙන් හොරෙන් එන කල්ලතෝනින් විදියට ..මුසල්මානුවන් හැඳින් උනේ අපිත් එක්ක කොහෙත්ම පෑහෙන්නෙ නැති ගෙරිමස් කන හම්බයින් විදියට..

ඊට පස්සෙත් ජාතිය බේරගන්ට ආපු හැම ආමන්ත්‍රණයකම ඒ ගෝත්‍රවාදයම තව තව ඉස්සරහට අරන් ආවා මිසක් එක්සත් සංහිඳියාවක් ආවෙ නෑ…

මේ ගමන මෙහෙම ඇවිත් 56දී බන්ඩාරනායකගේ සිංහල බාෂාව රාජ්‍ය බාෂාව කිරීම හරහා උනේ සිංහල බෞද්ධ රාජ්‍ය පිහිටුවලා අනගාරිකගේ සංකල්පය පොලොවෙ හිටවපු එක..(ඒකට නෛතික වටිනාකම හම්බ උනා)

මෙතෙන්දි නිල වශයෙන්ම අන් සංකෘතික ජනවර්ග සිංහල රාජ්‍යයෙන් පිටතට ඇද දැමීමක් සිද්ද උනා..

දෙමළ විකල්ප ස්වරාජ්‍ය සංකල්පයක් ඇති වීමේ දේශපාලන පර්යායක් නිර්මාණය උනේ මේ සිංහල ස්වරාජ්‍ය සංකල්පයට යාවජීව විරුද්ධාබාෂයක් ලෙස..

අර්බූදයේ මේ නොපෑහීම කිසිදු සංහිඳියාවකින් තොරව ලේ ගලන ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය උනා..

එක මොහොතකදී දකුණේ ආන්ඩුවකට මේ දෙමළ ජනයාට කන් නොදී සිටීමට බැරිවෙනවා..යම් එකඟතාවයකට එන්ට සිද්දවෙනවා..ඒ තමා පලාත් සබාව..

හැබැයි ඒ එකඟතාවය පසුපසින් තියෙන්නෙත් ඉන්දියානු බලහත් කාරය..හැබැයි දකුණේ බලවේග පිටත බලපෑමක් නැත්නම් උතුරට සවන්දෙන්නෙත් නෑ…

එදා ඒ වෙලාවේ පලාත්සබාවට විරුද්දව බරපතල ගින්නක් දකුණේ ඇවිලුනා..

පලාත්සබාවට පක්ෂ අය ද්‍රෝහීන් ලෙස සැලකුනා..පලාත් සබාවට පක්ෂ විජේකුමාරතුංග වැන්නන් ඝාතනය කෙරුනා..

ඒ හරහාත් ප්‍රකාශ උනෙ උතුරේ දමිලයන්ට සවන්දීමට කිසිලෙසකින්වත් දකුණ සූදානම් නැතිබවයි..

ඇත්ත වශයෙන්ම දකුණේ බරපතළ විදියට ඇවිළුන ඉන්දියන් විරෝධයත්(ඉන්දියන් ව්‍යාප්තවාදය) දෙමළ විරෝධයේම දිගුවක් මිසක් අන් කවරක්වත් නොවේ..

වතුකරයේ අන්ත පීඩිත ජීවිත ගතකරපු දෙමළ මිනිස්සු පවා ඒ මතවාදය ඇතුලෙ සැලකුනේ ඉන්දියන් ව්‍යාප්තවාදයේ කොටස්කරුවන් විදියට මිසක් පීඩිත කම්කරු ප්‍රජාවක් විදියට නෙමේ..

අපේ රටේ එක කාලෙක ප්‍රධාන අපනයන බෝග වෙලා තිබුනේ තේ, පොල්, රබර්..

ඒකෙනුත් ලොකු ආදායමක් ආවේ තේ වලින්..

එදා ලංකාවේ ආර්ථිකය උස්සන් හිටියේ අන්ත දුක්ඛිත ජීවිත ගතකරපු වතුකරේ දෙමළ ජනතාව …හැබැයි මේ අයගෙන් බොහෝ පිරිස් මේ රටේ ජීවත් උනේ පුරවැසිබාවයවත් නැතිව..

සුද්දො උන්ගෙ වාල් වැඩට අරන් ආපු මිනිස්සු අපි අපේ වාල් වැඩටත් යොදාගත්තා…

දෙමළ මිනිස්සුන්ගෙ අරගල පිටිපස්සෙ ඉන්න ඇමරිකන් බිල්ලෙක් එහෙම නැත්තන් මවාගත් ඉන්දියන් ව්‍යාප්තවාදයක් මිසක් ඒ අරගල ඇතුලේ තිබ්බ ඇත්ත ප්‍රශ්න අපි කවද්ද දැක්කෙ?..

දකුණේ කැරැල්ලේදී රාජ්‍ය සොල්දාදුවන්ව කුළී හේවායන් විදියට හඳුන්වපු අපි ඒ සොල්දාදුවෝම උතුරට ගිහින් යුද්ධ කරනකොට රණවිරුවන් ලෙසින් බෞතිස්ම කරන්නෙ දකුණේ ධනවාදයට විතරක් නෙමේ සමාජවාදයටවත් උන් එපා කියලද?..

අපි කොච්චර කතාකලත් මේ අර්බූදයට විසඳුම් එකඟතා නෑ..හරියට ආර්ථික අර්බූදයට වගේ…

මේ ඔක්කොම අර්බූද එකම අර්බූදයක එක එක පැති..

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan