නිශ්මං රණසිංහ මාර්තු 31, කොළම LNW :
ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් දෙකක් එකතු වී බිග් මැච් එකක් නොගැසුවේනම් එය මදිකමක් ලෙස හැඟෙන තරමට බිග් මැච් අවශ්යයතාවය පාසල්වලට දැනෙමින් තිබෙයි.එය දැන් විලාසිතාවක් වී ඇති අතර විද්‍යාල දෙකක් අතර අවබෝධය,මිත්‍රත්වය සහ සංස්කෘතික වශයෙන් සිඳුවන හුවමාරුව වර්ථමාන විලාසිතා උවමනාවෙන් ගිලිහෙමින් පවතින බව පෙනෙන සිඳුවීම් දිගින් දිගටම වාර්තා වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් මහා තරග ඉතිහාසයෙන් මෙන්ම මහා තරගයකින් ඉනික්බිති එම සම්ප්‍රදායට යම් කඩතොළු වීමක් සිඳුවුණ තැන් ගැඹුරෙන් සාකච්ඡා කිරීම වැදගත්ය.බත ඉදෙන තුරු පමණක් අඹු-සැමි අර්බුදය පවතින ආකාරයට ඇතිවන සුළු සුළු අඩුපාඩු ඉවසන ක්‍රමයකට මෙන්ම ක්‍රීඩාවෙ ජීවගුණය රැකෙන තැනකට මහා තරග ගෙන ඒම ගැන කල්පනාවට ගත යුතුය.

මේ සඳහා සරල තරමටම ගැඹුරෙන් සිතිය යුතු මහා තරග අත්දැකීමක් සිය ෆේස්බුක් ගිණුමේ තබන්නට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර කටයුතු කර ඇත.පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
බිග් මැච් සාමය ….
පහුගිය වසර කිහිපයකම පාසැල් අතර මහ තරඟවල මා දුටු හා
ඇසීමට ලැබුන වේදණාකාරී නැතිනම් දුක්මුසුම පැත්ත තමයි රණ්ඩු සරුවල් ….
රණ්ඩු සරුවල් කීවට දැනට දශක ගනනකට පෙර තිබූ තත්වයෙ ඒව නෙවෙයි මේ ….
දැන් අපි අහන්නෙ ඔලු පලා ගැනීම්
පිහි ඇණුම් කඳුළු ගෑස් ප්‍රහාර ….
බිග් මැච් නාමයෙන් බාළිකා පාසැල් වලට පැනීම් සහ හිරිහැර කිරීම් වගෙ දේවල් …
මෙවැනි දෑ විසිවෙනි ශත වරුසෙ නම්
අහල තිබුනෙම නෑ …
මෙහෙම ගියොත් තව කාලෙකින් මීට දරුණු දේවල් වෙන්නත් බැරි නෑ …
එවැනි අත්දැකීම් විශේෂයෙන්ම සමාජයක් රටක් ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත්වී සිටින
තරුණ පරපුරකට ඔබින දේවල් නම් නෙවි ඕං …
දැන් ඉන්න පොඩි උන් ඉතිං අහයිද දන්නෙත් නෑ මේ කීවට අපි චමින්දල නිසා …
අපි චමින්දල උනාට තාම වයර් මාරු වෙච්චි
සුපුන් චමින්දල නං නෙවි හරියෙයි …
ඒ නිසා පොඩ්ඩිත්තක් නැවතිල මේ කියන දේත් කරුණාවෙන් අහපල්ල …
“ක්‍රිකටි ෆෝ පීස්”
“Cricket for Peace”
“Cricket for Friendship” කියල තමයි අපේ කාලෙ නං කියුවෙ …
පහුගිය සත වරුසෙ පාසැල් දෙකක හිටිය
අපි දෙදෙනෙකුගෙ මේ පුංචි කතාව ඊට කදිම නිදසුනක් …
මම අසූ එකේ මහින්දෙ ක්‍රිකට් නායක …
රිච්මන්ඩ් කණ්ඩායම මෙහෙයුවෙ මා හිත මිත්‍ර සහෝදර
අප අතරින් කලකට පෙර අකාළයේ වියෝවුන රුවන් ප්‍රසාද් කෝරාළ …
රුවනයගෙ වියෝව වෙනුවෙන් මාද ඇති තරම් කඳුළු සලා ඇත …
හිත මිත්‍ර සහෝදර කියුවෙ හිත මිත්‍ර සහෝදර නිසාමය …
මේ මිත්‍රකම සහෝදරකම නෑදෑයන් නිසා හෝ අසල්වැසියන් නිසා හෝ නොවේ …
මේ මිත්‍රකම අපි සැම ආදරය ගෟෙරවය කරන ක්‍රිකට් ක්‍රීඩාව නිසාමය …
වසර ගනනාවක් පාසැල් දෙකට ක්‍රීඩා කර ගොඩනගා ගත් දැන හැඳුනුම් සහෝදරත්වය පමණමයි අපිව එක්කාසු කලේ …
අපි දෙදෙනාම සම වයස් කරුවන් වීමත් මෙයට බලපාන්න ඇති …
ඒ සහෝදර මිත්‍රකම අපේ කාලෙ අපේ ලංකාවේ අපේ ඕනෑම පාසැලක ක්‍රීඩා කල අපේම ක්‍රීඩකයන්
හැමෙකෙකුම එකිනෙකාට එදා දක්වපු ගෞරවය අදත් එහෙමමයි …
බිඳුවක්වත් පළුදුවෙලා නෑ …
මායි රුවනයයි පාසැල් ලෙදර් බෝල කණ්ඩායම් වලට අමතරව පුහුණුවීම් හා තරඟ දිනවල හැරුනවිට
අනෙක් දිනවල ඉඩ ලැබුන හැම විටකම කොටු තාප්පෙ පහල
නැතිනම් පට්ටියමුල්ලෙ ටෙනිස් බෝල් ක්‍රිකට් …
අපිට පාසැල් බේදයක් තිබුනෙම නෑ …
කාලයක් තිස්සෙම මේ කෙලිය ජයටම ගියා …
අපි දෙන්නගෙන් තමයි ඉනිම ඇරඹුමත්
රුවනය එක පැත්තක මම අනෙක් පැත්තෙ …
කොටින්ම කියනවනං අපි දෙන්නම නායකකම් කල නවසිය අසූඑක වරුසෙ
ගාලු ආදරවන්තයින්ගෙ මහා සටන
සිකුරාද සෙනසුරාදා …
අඟහරුවාදා හෝ බදාදත් අපි පට්ටියමුල්ලෙ ටෙනිස් බෝල් ක්‍රිකට් …
එදා ගෙදර ගියෙත් දෙන්නට දෙන්න සිකුරාදා උදේ කාසියෙ වාසිය බලන වෙලාවට හමුවෙමු කියල සුභ පතාගෙන …
එහෙම යාළු මිත්‍රයො කියුවට මහා තරඟෙදි අපි දෙන්නම පාසැල් දෙකටම සාධාරණයත් කලා
සමාදානයෙන් ඉතාමත්ම උණුසුම් තියුණු තරඟයක් අවසාන පන්දු ඕවරය දක්වා …
මගේ කඩුල්ල ගත්තෙත් රුවනය
අවසාන පන්දු ඕවරයත් තීරණාත්මකයි ..
අපේ මිතුදම සහෝදරත්වය එතැනින් නැවතුනෙත් නෑ ….
අසූ දෙකේ සැප්තැම්බර් පළවෙනිදා සිට
ඛණිජ තෙල් සංස්ථාවෙ වැඩ පටන් ගත්තෙත් අපි දෙන්න එකට …
ගාල්ලෙන් ගිය අනෙකා මිහිර එගොඩගේ මහින්දෙම මගේ සගයා …
සංස්ථාවෙ කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවෙ එක දෙක තුනත් අපි තුන්දෙනා …
සංස්ථාවෙ කණ්ඩායමත් සමග ඉන්දියාවට ගියෙත් අපි තුන්දෙනා එකට
රුවන් සහ මම ලංකාවෙදි විනෝද සවාරි ගියෙත් හුඟ වෙලාවට එකට
පිස්සු කෙලියෙත් එකට …
සංස්ථාවෙදි අපි වැඩ කලේ කාර්යාල දෙකක උනාට හැමදාම රුවනය අපේ යුනිට් එකට ඇවිල්ල ටික වෙලාවක් කයිය
ඒ දින චරියාව වෙනස් වුනේ රුවනය වැඩට නාවොත් පමණයි….
මගේ යුනිට් එකේ හිටිය ක්‍රිකට් ගහපු අනෙක් දෙන්න
දීපාල් මදුරප්පෙරුම (තර්ස්ටන්)…
රොෂාන් ගුනරත්න (නාලන්ද) …
(රොෂානයත් අද අපි අතර නෑ)
ඛණිජ තෙල් එකේ අවුරුදු එකොලහක් අපි එකට හිටිය මම ඉල්ලා අස්වෙනකන්
රුවනය අකාලයේ අපි අතරින් වෙන් වෙනතාක් අපේ සහෝදරත්වය බිඳක්වත් පළුදු උනෙ නෑ …
ඒකමයි මේ ක්‍රීඩාවෙන් අපිට උගන්වපු වැදගත්ම දේ …
නොබිඳෙන මිතුදම …
නොබිඳෙන සහෝදර බැම්ම ….
මං උඹල සියල්ලක් ගෙන්ම ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නෙත් ඕකයි …
එහෙම නැතිව ඔය ගැල්වනයිස් කෝප්පෙකට නැතිනම් ගැල්වනයිස් පතුරු අල්ලපු ලී පළිහකට ඔලු පලාගෙන මරා ගන්න නෙවෙයි …
මුදලෙන් තුට්ටු දෙකකට නැති ගැල්වනයිස් කෑල්ලකට වඩා වටිනාකම මිල කල නොහැකි දෙයක් ඔය තරඟයෙ හැංගිල තියෙනව …
පළිහක් කුසළානයක් තියෙන්නෙ දෙපිළ අතරෙ තරඟකාරීත්වයක් ඇතිකිරීමට මිසක්කා
ඔළුපලාගෙන එකිනෙකාට එරෙහිව පම්පෝරි ගහන්න නං නෙවි ඕං …
බෙලා ඔය උඩින් කසන්නෙ නැතිව ටිකක් ඇතුලට හාරල බැලුව නම් පෙනෙයි මම හරිද වැරදිද කියා …
මහින්ද රිච්මන්ඩ් විතරක් නෙවි
ලංකාවෙ ඕනෑම පළාතක ඕනෑම පාසැලක ඕනෑම ගුරුවර ගුරුවරියකුගෙන්
ඕනෑම පැරණි ක්‍රීඩකයෙක් ගෙන් අහල දැනගත්ත නම් හොඳයි මේ ගැන …
මේ මිතුදමේ සහෝදරත්වයේ අමිල වටිනාකම ගැල්වනයිස් කෝප්පෙන් එහාට ගොහින්
ඔබ සැම තේරුම් ගනිත්වා යනු මාගේ අහිංසක පැතුමයි …
මහින්ද රිච්මන්ඩ් මිතුදම ඉදිරියට ගෙන යෑමේ කාරිය මෙය කියවන අප සැමටම බාරය …
සුන්දර ගාලු පුරයේ ඉතාමත්ම සුන්දර වූ කඳු ගැට දෙකක් මත පිහිටා ඇති අප සැමගේම
ආදරණීය ගෞරවණීය අමරණීය පාසැල් දෙක යා කරන පාලම විය යුත්තේ අපයි …
එය පැද්දෙන පෙරලෙන එල්ලෙන පාළමක් නොවිය යුතුමය යනු මාගේ හැඟීමය …
එම පාළම උසුලාගෙන සිටින අයෝමය කණු සහ
එහි නොපෙනෙන ඇණ මුරිච්චි විය යුත්තේද අප සැමය ….
වසර සියකට වඩා පැරණි අප සහාේදර පාසැල් වල අමරණීයත්වය සහ ගෞරවණීයත්වයද අපයි …
අප අපගේම පාසැල් වලින් උකහාගත් ශික්ෂණය හා
ආධ්‍යාත්මික ගුණවගාව නැවතත් එම පාසැල් වලට ලබා නොදුනහොත්
ඒ අද්වීතිය පාසැල් දෙක තවත් සුදු හුනු පින්තාරු කල ගොඩනැගිලි සමූහයක් පමනක්ම වනු නොඅනුමානයි ..
මහින්ද රිච්මන්ඩ් යන මේ සොයුරුදම චිරාත් කාලයක් බැබලවීමට අවශ්‍ය ශක්තිය …
විදුහල්පතිවරු ගුරුවර දෙමාපිය සහෝදර සහෝදරියන් ආදී ශිෂ්‍ය සංගම්
ශිෂ්‍ය නායකයන් අවසානයේ සෑම ශිෂ්‍යයෙකු ඇතුළු අප හැමෙකුම සතුව ඇත …
අවශ්‍ය සාමූහිකත්වයෙන් එම ශක්තිය ක්‍රියාවට නැංවීම පමණි …
එම කාය්යර්යට අප සැමට නුවණ හා විරිය ලැබේවාාාා යනු මාගේ පැතුමයි …
෴
1st picture Ruwan K and me after the toss 1981 Lovers Quarrel
2nd Ruwan and myself for Ceylon Petroleum against Madras Universities in Madras .
3rd – 3 captains & 3 brothers from 3 schools after a game in Baroda, India.
Left – Rohitha Perera – Ananda
Middle – Myself – Mahinda
Right -Ruwan Korala Richmond

