මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පිලිපීන පුරවැසියෙකු ලෙස වෙස්වලා ගනිමින් ප්‍රාදේශීය නගරාධිපතිනියක වූ චීන කාන්තාවක් සහ තවත් හත් දෙනෙකුට මිනිස් ජාවාරම් චෝදනා මත , පිලිපීන අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව එරට රජයේ නීතිවේදියෙක් පවසයි.

මැනිලා නගරයට උතුරින් පිහිටි නගරයක නගරාධිපතිනිය ලෙස සේවය කළ 35 හැවිරිදි Alice Guo, මහජනයාට අන්තර්ජාල වංචා සිදු කිරීම සඳහා සිය ගණනක් පුද්ගලයින් බලහත්කාරයෙන් බඳවා ගත් චීන-ක්‍රියාත්මක සූදු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද(20) දින වැරදිකරු වූ බව වාර්තා වේ.

2024 සැප්තැම්බර් මාසයේදී පිලිපීනයෙන් පලා යාමෙන් පසු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ගුඕ සහ තවත් විත්තිකරුවන් හත් දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරගත කරන බව නියෝහකර ඇත.

පිලිපීන, චීන, වියට්නාම, මැලේසියානු, තායිවාන, ඉන්දුනීසියානු සහ රුවන්ඩා ජාතිකයන් 700 කට වැඩි පිරිසක් එම ස්ථානයේ සිට සොයා ගන්නා ලද අතර, ගුඕ එම සංකීර්ණය හිමි සමාගමක සභාපතිවරයා බව පෙන්වන ලියකියවිලි ද සමඟින් සොයා ගන්නා ලදී.

පොලිසිය විසින් වැටලූ වංචා මධ්‍යස්ථානය පිහිටි බම්බන් නගරයේ නගරාධිපතිනිය ලෙස ගුඕ තේරී පත් වුවද, චීන පුරවැසියෙකු ලෙස ඇයට කිසි විටෙකත් එම තනතුර සඳහා තරඟ කිරීමට සුදුසුකම් නොමැති බව මැනිලා අධිකරණයක් පසුගිය ජුනි මාසයේදී තීන්දු කළේය.

“ඇගේ පත්වීම සහ මුළු නගරාධිපති කණ්ඩායමම අවලංගු කරන ලදී,” පිලිපීන ගුවන් විදුලි නාලිකාවක් වන ABS-CBN අද(20) දින Alice Guoගේ නඩු විභාගය පිළිබඳ වාර්තාවක සඳහන් කළේය.

ABS-CBN පැවසුවේ Alice Guoගේ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන අතරතුර, දේශපාලනඥයන් චෝදනා කළේ ඇය “පිලිපීන ජාතිකයෙකු නොව චීන රජයේ වත්කමක් ලෙස පිලිපීන සිවිල් ලේඛනය, ආගමන සහ මැතිවරණ නීති නොසලකා හැර ඇති චීන ජාතිකයෙකු” බවයි.

මේ පිලිබඳව මැනිලා හි චීන තානාපති කාර්යාලය අද දින මේ පිළිබඳ අදහස් විමසීම සඳහා කළ ඇමතුම්වලට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...