ලෝකයත් සමග ඉදිරියට යාමට ඉංග්‍රීසි ඉතාම වැදගත්. දිවයින පුරා දරුවන්ට ඒ අවස්ථාව ලබාදෙනවා – ඇමති

Date:

ලෝකයත් සමග ඉදිරියට යාමට ඉංග්‍රීසි භාෂා දැනුම ඉතාම වැදගත් වන හෙයින් දිවයින පුරා පාසල් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිටම භාවිතයෙන් ඉංග්‍රීසි ඉගෙනීම අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

“1962න් පස්සේ මේ රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය තිබුණෙ නෑ පෞද්ගලික පාසල් කිහිපයක හැර. එතකොට අපි උසස් පෙළ විද්‍යා විෂයය ධාරාවෙන් තමයි 2000 වසරේදී අපි පටන් ගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න. දැන් 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් 500 කට වැඩි ප්‍රමාණයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී ඉඳලා A3 අරගෙන අද විශ්ව විද්‍යාලයටත් යනවා. ජාත්‍යන්තර පාසල් සමූහයක් ආරම්භ වුණා අවුරුදු 20 කට විතර කලින්. ඒගොල්ලෝ පළමු ශ්‍රේණිය පටන් ගන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. තව අවුරුදු කිහිපයක් යනකොට ඉංග්‍රීසි භාෂාවත් එක්ක තොරතුරු තාක්ෂණ විෂයය, විද්‍යාව මේවා තව ඉදිරියට ගමන් කරනවා. එතකොට නීති ක්ෂේත්‍රය, වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඒ අයට වැඩි අවස්ථාවක් එනවා. එතකොට එතන පරතරයක් ඇතිවෙන්න පුළුවන්. මේක අපි දැක්කා. ලෝකයේ ඉස්සරහට යන්න ඉංග්‍රීසි භාෂාව හරියට වැදගත් වෙනවා. ඒ අවශ්‍ය කරන්නා වූ මූලික වැඩපිළිවෙල පළවෙනි දවසේ ඉඳලා අපි ආරම්භ කරනවා මේ පාසලට එන. දරුවන්ට වෙනසක්. ගෙදර ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නෙ නැතිවෙන්න පුළුවන් 90% කගේ. ඒ සියලු දෙනාටම දැන් මේ අවස්ථාව ලැබෙනවා. දිවයින පුරා පළාත් නවයේම අද දින මේ වැඩසටහන ආරම්භ කරනවා. අපි ගුරු මහත්මීන් 13800ක් පුහුණු කළා. අපි ඊළඟට පටන් ගන්නවා. දෙවැනි ශ්‍රේණිය. තුන ශ්‍රේණියට යනකොට භාෂාවක් හැටියට එද්දී මම හිතන්නේ අපේ අධ්‍යක්ෂවරුන්ට වේවි මේවා තව අප්ඩේට් කරන්න”

පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව කථනයෙන් භාවිතා කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම ඊයේ (30) දිනයේ සිට සිදුකෙරුණු අතර ඊට අදාළව ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...

ලෝකයේ බලගතු කාන්තාවන් අතර ගෝලීය සම්මානලාභිනියක් ලෙස පිළිගැනීමට ලක් වූ Sarrah Sammoon..

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යවසායිකාවක් සහ ගෝලීය...