ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ , මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි . එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අයවිය යුතු බවයි

ඉන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට සැලසුම් කර ඇති බවත් , ඒ අතර ගෘහස්ථ පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන ද වෙයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී ඇති අතර , පවතින තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලයට, පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 8400කට අධිකයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දී ඇති බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...