*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

හංසනී ස්නැච් ක්‍රමයට වාර්තා තබා ක්ලීන් ඇන්ඩ් ජර්ක්වලදී පසු බසියි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 01, කොළඹ (LNW): තායිලන්තයේ ෆුකාට් හී මාර්තු 31 ඇරඹි ලෝක කුසලාන බර ඉදිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ සී කොටසෙන් තරඟ වැදුණු හංසනී ගෝමස් එම බර පංතියේ ස්නැච් ක්‍රමයේ වාර්තාව අලුත් කරමින් කිලෝ ගෑම් 76 ක බරක් ඔසවන්නට සමත් වුණා.එමෙන්ම සමස්ත තරගයේ තෙවන තැන දිනා ගන්නටත් හංසනීට හැකි වුණා.


සමස්ත තරගය ගත් විට සහභාගි වූ ක්‍රීඩිකාවන් අට දෙනාගෙන් ස්නැච් ක්‍රමයේ ඔසවන ආරම්භ බර හැටියට හංසනීගේ බර ඉක්මවා ඔසවනු ලැබුවේ ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් දෙදෙනා පමණයි.ඔවුන් දෙදෙනා අතරින් එක් ක්‍රීඩිකාවක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේදී සම්පූර්ණයෙන්හ අසාර්ථක වූ අතර ස්නැච් ක්‍රමයේ ඉදරියෙන් සිටි ඉන්දුනීසියානු ක්‍රීඩිකා අයිෂා වින්ඩි ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 84 ක් ඔසවා එම ක්‍රමයෙන් ඉදිරියෙන්ම සිටියා මෙන්ම ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයටත් කිලෝ ග්‍රෑම් 100 ඔසවා එයින් ද පළමුවැන්නාව තරගයේ වැඩිම බර එකතුවේ පළමු තැන දිනා ගන්නට සමත් වුණා.


සමස්ත තරගයේ දෙවන තැන ගත් වියට්නාමයේ ඉපිද,වර්ථමානයේ අයර්ලන්තය නියෝජනය කරන න්ගුවෙන් තමී ස්නැච් ක්‍රමය අවසන් කළේ හංසනී ට කිලෝ ග්‍රෑම් 6 ක් පසුපසින් සිටයි.ඇය එම ක්‍රමයට කිලෝ ග්‍රෑම් 70 ක් පමණක් එසවුව ද,ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේදී හංසනී කිලෝ ග්‍රෑම් 85 ක දක්ෂතාවයක් දක්වද්දී, තමී කිලෝ ග්‍රෑම් 96 ක දක්ෂතාවයක් දක්වනු ලැබුවා.


හංසනී ස්නැච් ක්‍රමයේදී බොහෝ අයට වඩා වැඩි බරක් මුල් බර හැටියට තෝරා ගත්ත ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ දී හංසනී ඔසවන ලද මුල් බරට වඩා අඩු බරක් සිය මුල් බර හැටියට තෝරා ගෙන සිටියේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණයි.එහි සැඟවුණ අරුත හංසනී ස්නැච් ක්‍රමයේ හැකියාව රැක ගන්නා අතරේම වැඩි අවධානයක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට දිය යුතු බවයි.ඇය එම බර කාණ්ඩයේදී පළමු අවස්ථාවේ දී කිලෝ ග්‍රෑම් 85 බර ඔසවනු ලැබුවත්,කිලෝ ග්‍රෑම් 90 එසවීම සඳහා ගත් උත්සාහයන් දෙකම ඇය අතින් ගිලිහී ගියා.ඇය එම ක්‍රමයේ ඔසවන ලද බර සළකා බලද්දී පස්වන තැන සිටියත් සමස්ත තරගයට ස්නැච් ක්‍රමයට ඇය ඔසවන ලද බර අනුව තෙවැනියා වීම සමස්ත තරගයේද තෙවන තැනට බලපානු ලැබුවා.


මේ තත්ත්වයන් සම්බන්ධයෙන් සමස්ත තරගය නරඹා අවධානයක් ගැනීමට හංසනීගේ දියුණුවට මෙන්ම ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍යය විශ්ලේෂණය කිරීම සඳහා අයෙක් ඉදිරිපත් වේනම් පහත සඳහන් සබඳතාවය හරහා එම තරගයට අදාළ සමස්ත වීඩියෝව නැරඹීමේ හැකියාව තිබෙනවා.මේ සබැඳීය ජාත්‍යන්තර බර ඉසිලීමේ සංගමයේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත් එකකි.


https://web.facebook.com/iwfnet/videos/931170015412520/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan