*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අපිව වට්ටපු හැටි, වෙච්ච දේවල් පිළිබඳව අපි කතාකරන්න යන්නෙ  නෑ. ඒ ගැන ජනතාව දන්නවා – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  කියන්නේ නවීන දේශපාලනික විප්ලවයක් සමඟ ගොඩනැඟෙන අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.

ගෝඨාභය ජනාධිපතිවරයා උණ්ඩයෙන්, අවියෙන් අරගලය මර්දනය  කිරීමට නොගියේ ආණ්ඩුව වැටුණත් මේ රටේ රාජ්‍ය වැටෙන්න ඉඩ තියන්න බැරි නිසා බවත්, ආණ්ඩු වැටුණොත් ආණ්ඩු ගොඩනඟන්න හැකි නමුත් රාජ්‍යයක් වැටුණොත් රාජ්‍ය ගොඩනැගීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.

  එහිදී නාමල් රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

” අපේ දිස්ත්‍රික්කයේ ජනතාව නිරන්තරයෙන් අභියෝගයන්ට මුහුණදීපු ජනතාවක්. එදා 2005 මේ රටේ රාජ්‍ය නායකයා බවට මහින්ද රාජපක්ෂ මහතා පත්කර ගැනීමේ පටන් බිහිකරපු හැම ආණ්ඩුවකින්ම අපි ඔබට සාධාරණයක් කිරීමට උත්සාහ කළා. ඒ නිසාම තමයි මේ දිස්ත්‍රික්කයේ ජනතාව වසර සියයක ඉතිහාසයක් තියෙන රාජපක්ෂ දේශපාලනය තුළ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ රොද බැඳගෙන එකතුවී සිටින්නේ.

පසුගිය කාලේ අපි ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ ආණ්ඩුව තුළ අපි මහා බලාපොරොත්තු ඇතිකර ගත්තා. නමුත් කුමන්ත්‍රණයක් තුළින් ඒ ආණ්ඩුව වැට්ටුවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ වට්ටපු ආකාරය පිළිබඳව, වෙච්ච දේවල් පිළිබඳව අපි කතාකරන්න යන්නෙ  නෑ. ඒ පිළිබඳව ඔබ තමුන්නාන්සේලා දන්නවා.

අපි අවබෝධ කරගත යුතු කාරණයන් තිබෙනවා. අපි හැමදාම මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරපු දේශපාලන බලවේගයක්. අපිට මොන අභියෝග ආවත් අපි ඔබව විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබටත් මොන අභියෝග ආවත් ඔබ අපිව විශ්වාස කළා. අපි ආරාධනා කරනවා අපේ ඉතිහාසයේ සිත් අමනාපකම්, සිත් බිඳීම් ඇති, අපි සාකච්ඡා කරමු. අපි එකතුවෙමු. අපි මේ රටට ආදරය කරන ජනතාවගේ දේශපාලන බලවේගයක් බවට පත්කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු.

අද  69 ලක්ෂයේ ජන වරමට අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. පාර්ලිමේන්තුවෙත් ගොඩක් ඉන්නවා. එක එක පැතිවල ඉන්නවා 69 බෙදිලා. හැබැයි අපට සතුටු වෙන්න කාරණයක් තියෙනවා. මොන පැත්තේ වාඩිවෙලා හිටියත් මේ හැම දෙනාම බෙදාගන්නේ අපේ තාත්තගේ 69 ලක්ෂයේ ජනවරම. ඒ නිසා මම ආරධනා කරනවා අපි එකතුවෙමු. අත්වැල් බැඳගමු. අපි හැමදාම වගේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සටන අරඹමු.

2015 අපි පැරදුණාට පස්සේ බැසිල් රාජපක්ෂ මහතා අප පක්ෂයේ නිර්මාතෘවරයා විදියට ගොඩනඟපු පක්ෂය කෙටි කාලයක් තුළ හැම මැතිවරණයක්ම අපි ජයග්‍රහණය කර තිබෙනවා. අපේ දේශපාලන පක්ෂයේ වගේම මගේ දේශපාලන ගමන තුළත් පදනම කරගත්තේ මහින්ද චින්තනය. ඒ මහින්ද චින්තනය තුළින් මේ රට ඒකීය රටක් බවට පරිවර්තනය කරපු වගේම මේ රට සංවර්ධනය කරන තැනට පරිවර්තනය කළා. එදා අන්ත දුගී දුප්පත් කියන නාමයෙන් හ¾දුන්වපු හම්බන්තොට දිස්ත්‍රික්කය ලෝක සිතියමේ ජාත්‍යන්තර ගුවන් සහ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරන්න එදා මහින්ද  චින්තනයට හැකිවුණා.

අවාසනාවකට 2015 පරාජයත් එක්ක ඒ සියල්ල ආපස්සට ඇදගෙන වැටුණා. යළි ආණ්ඩුවක් අපි පිහිටුවා ගත්තත් අරගලයෙන් ඊට අභියෝග එල්ල වුණා.

ගෝඨාභය ජනාධිපතිවරයා උණ්ඩයෙන්, අවියෙන් අරගලය මර්දනය  කිරීමට නොගියේ ආණ්ඩුව වැටුණත් මේ රටේ රාජ්‍ය වැටෙන්න ඉඩ තියන්න බැරි නිසා. අපි විශ්වාස කරන දෙයක් තමයි ආණ්ඩු වැටුණොත් ආණ්ඩු ගොඩනඟන්න පුළුවන්. රාජ්‍යයක් වැටුණොත් රාජ්‍ය ගොඩනඟන්න බැහැ.

අද අපි දකිනවා යුද්ධය අවසන් කරලා, මේ රටට නිදහස ගෙනදුන් නායකයාගේ නම  කට ඇරල කියන්න බය, ලැජ්ජ සහගත තැනකට පරිවර්තනය කරන්න සමහරු උත්සාහ  කළා. ඒ අතර රණවිරුවා හාස්‍යයට ලක්කළා. රණවිරුවගේ  තිබුණු අභිමානය   මහපොළොවට ඇද දමන්න උත්සාහ කරනවා.  ආගම, දහම ගැන කතා කිරීම ජාතිවාදය ඇවිස්සීම විදිහට උලුප්පන්න සමහරු උත්සාහ කරනවා. ඒ අභියෝගයන්ට මුහුණදීමට තිබෙන්නෙ  ඔබටයි, අපටයි කියලා අපි මතක තබා ගත යුතුයි.

වර්තමානයෙත් මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් යනවා. ආයෝජකයන් මෙරටට ගෙන ඒම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එහෙත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගොඩනඟපු රටේ ප්‍රතිලාභ අපේ ගම්වල අම්මලා, තාත්තලගේ දරුවන්ට ලබාදෙන්න ඕනෑ. අපි ගුවන්තොටුපොළක් හැදුවේ වී ගබඩා  කරන්න නොවෙයි. වරායක් හැදුවේ කුණුකොල්ලයට තමන්ගේ අවශ්‍යතාව මත විජාතීයකරණය කිරීමට නොවෙයි. අධිවේගී මාර්ග හැදුවෙ ඇඹුල්තියල් ගෙනියන්න නොවෙයි.

අපි විශ්වාස කරනවා මත්තල ගුවන්තොටුපොළේ, වරායේ  ප්‍රතිලාභ අපේ ගමේ දරුවට ලබාදෙන යුගය අපි ආරම්භ කළ යුතුයි කියලා. කොළඹ වරාය නගරය ඉදිවෙනකොට එහි ප්‍රතිලාභ මේ රටේ දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් අප රටේ ක්‍රියාත්මක විය යුතුයි.  නෙළුම් කුලුන හැදුවේ ඒකත් සමඟ බද්ධ වූ මහා තාක්ෂණික විප්ලවයක් අප රටේ නිර්මාණය  කර කිබුණා. මාත් තාක්ෂණ ඇමැති කාලයේ එය ක්‍රියාත්මක කිරීම පටන් ගත්තා. වර්තමාන තාක්ෂණ ඇමැතිවරයා ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට උත්සාහ කරනවා. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට තාක්ෂණය ජනතාවට බද්ධ කළ යුතුයි.

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සමහර ප්‍රතිපත්තිවලට, ගෙනඑන යෝජනාවලට අපි එකඟ නෑ. අපි අදත් විශ්වාස කරනවා දේශීය ආර්ථිකය නංවාලන වැඩපිළිවෙළක් තිබිය යුතුයි කියලා.”

“සටන අරඹමු හම්බන්තොටින්” යන්න තේමා කරගෙන තංගල්ල නගරයේදී පෙරේදා (30දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම දිස්ත්‍රික් සමුළුව අමතමින්  හෙතෙම මේ අදහස් පළ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan