*
Monday, May 20, 2024
spot_img

Latest Posts

මහජනයාගේ දේපළවලට මහා පරිමාණයෙන් කරලා තිබෙන අපරාධවල ඉතිහාසයයට වැළලෙන්න දෙන්න එපා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටින්නේ, තමා වෙත මහා පරිමාණ වංචා- දූෂණ ඇතුළත් නව ලිපිගොනු සහිත තොරතුරු කිහිපයක් ලැබී ඇති බවයි.

අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ය. තමා සතුව ඇති වංචා-දූෂණ සහිත ෆයිල්වලට මේ වන විට ජනාධිපතිවරයාගේ සිට ඇතැම් මන්ත්‍රිවරුන් ‍ෙදාස් පවරන නමුත් බහුතරයක් දෙනා තිගැස්සී සිටින්නේ ද එම වංචා, දූෂණවලට ඔවුන් හවුල්කරුවන් වන නිසා බවයි.

අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ,

“පැරැණි වංචා – දූෂණ පිළිබඳ තොරතුරු වගේම අලුතින් සිදුවන වංචා – දූෂණ ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් අප වෙත ලැබී තිබෙනවා. ඇතැම් ලිපිගොනු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “යටගසා” තිබෙනවා. තවත් ඒවා අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ කබඩ් යට හිරවෙලා. තවත් පැමිණිලි නීතිපති දෙපාර්තමේන්තුවේ මේසෙ උඩ තියෙනවා.

මේ සියල්ලගෙන් ම පෙන්නුම් කරන්නේ මහජනයාගේ දේපළවලට මහා පරිමාණයෙන් කරලා තිබෙන අපරාධවල ඉතිහාසය යි. මේ සියල්ලට ම වගකිව යුත්තන් නීතිපති දෙපාර්තමේන්තුව හමුවට යා යුතු ම වෙනවා. විශේෂයෙන් ම ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මේවට වගකිව යුතු චූදිතයන්ට දඬුවම්දීමට අනිවාර්යෙන් ම කටයුතු කරනවා. මා සතුව ඇති “ෆයිල්” පිළිබඳ ජනාධිපති පමණක් නොවේ, මැති ඇමතිවරුන් පවා හෑල්ලුවට ලක් කරනවා මා දැක තිබෙනවා. නමුත් ඒ හෑල්ලුවට ලක් කරන්නේ ඔවුන් තුළ ඇති භීතියයි. ඒ තරමට ඔවුන් මේ රටේ දේපළ, මුදල් කොල්ලකා තිබෙනවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan