වාහන ෆුල් ටෑන්ක් කරන්න එපා අනිත් අයටත් ඉතුරු කරන්න – සරත් වීරසේකර

0
554

ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 3000 ක් වුවද මේ වනවිට එය මෙට්‍රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5500 සිට 7300 දක්වා ඉහළ ගොස් ඇති බවද වීරසේකර මහතා සඳහන් කරයි.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවද වගකීමෙන් කටයුතු කළයුතු බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ වාහන ෆුල් ටෑන්ක් කර බූලිවලටද ඉන්ධන පුරවා ගැනීමෙන් වැළකී සිටින ලෙසයි. එසේ කටයුතු කළහොත් අනෙක් පුද්ගලයන්ටද අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා ගැනීමට හැකිවන බවද ඔහු පවසයි.

ඉන්ධන හා ගෑස් අර්බුදයට හේතුව විදේශ විනිමය ගැටලුව වන බැවින් කුමන ආණ්ඩුවක් තිබුණද ඉන්ධන හා ගෑස් අර්බුද ඇතිවන බවද සරත් වීරසේකර මහතා පෙන්වා දෙනවා. මේ නිසා සියලු අර්බුදවලට ආණ්ඩුවට පමණක් වගකිව නොහැකි බවද ඔහු සඳහන් කරයි.

රටේ ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සියලු දෙනා වගකිව යුතු බවත්, මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here