අරගල කරන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් – සජිත් (VIDEO)

0
2331

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද කීය.

ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙනා මේ දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ආණ්ඩුව, ජනාධිපතිවරයා ප්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද ඒ මහතා පැවසීය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියයකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here