*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මිරිහාන විරෝධතාව මැද මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය! (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ සහ ඒ අවට පැවති විරෝධතාව අතරතුර එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික පහර දී ඇති අතර ඔවුන්ගේ දේපල වලටද අලාභ හානි කර තිබේ.

එම ප්‍රහාරයන් සිදුකර ඇත්තේ විරෝධතාකරුවන් නොව ගැටුම් නිරාකරණය සඳහා පෙනී සිටින පොලීසිය සහ හමුදාව වීම විශේෂත්වයක්.

මාධ්‍යවේදීන් බවට දැන දැනම බැන වදිමින් අමානුෂික ලෙස ඔවුන්ට පහර දී තිබේ.

එක් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට පවා ගෙන තිබෙන අතර ඔහුට නිල ඇඳුම් ඇඟලාගත් හමුදා නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සිටි හමුදා කණ්ඩායමක් පහර දුන් බවටයි ඔහු පවසන්නේ.

ඔහු බරපතල ලෙස තුවාල ලබා සිටින තත්ත්වයක වුවද අද පෙරවරුව වන තෙක් කිසිදු ප්‍රතිකාරයක් කිරීමට හෝ කටයුතු කර නැත.

උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිස අතරින් 53 දෙනෙකු පමණ මේ වන මිරිහාන පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන්ට පොදු දේපල පනත යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොණු කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වුණේ.

සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ දේශපාලන නියෝජිතයින් ද අද පෙරවරුවේ මිරිහාන පොලීසියට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan